අන්තර් ජාතික පැසිපන්දු සංගමය සංවිධානය කරන ආසියානු වයස 16 න් පහළ බාලිකා පැසිපන්දු තරගාවලිය මේ මස 23 වැනිදා සිට 30 වැනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ලබන වසරේදී ස්ලෝවැකියාවේ බැටිස්ලාවාහි පැවැත්වීමට නියමිත 17 න් පහළ බාලිකා ලෝක පැසිපන්දු ශූරතාවලියේ ආසියාව නියෝජය කරන කණ්ඩායම් 3 තෝරාගැනීම සඳහා මෙම තරගාවලිය පැවැත්වෙයි.
තරගාවලිය ප‍්‍රධාන වශයෙන් කාණ්ඩ 2 ක් යටතේ පැවැත්වෙන අතර එහි පළමු කාණ්ඩය යටතේ චීනය, චීන තායිපේ, ජපානය, කොරියාව, ඉන්දියව සහ මැලේසියාව යන රටවල් 6 තරගාවලියට එක්ව සිටිති.
පළමු කාණ්ඩයේ වැඩිම ප‍්‍රසාද ලකුණු ලබාගන්නා කණ්ඩායම් 4 අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබන අතර අවසන් පුර්ව වටයේ තරග වල ජයග‍්‍රාහකයන් අවසන් මහා තරගයටත්, පරාජිතයන් තෙවැනි ස්ථානය තෝරාගැනීමේ තරගයටත් කී‍්‍රඩා කළ යුතුය.
ශ්‍රී ලංකාව දෙවැනි කාණ්ඩයෙන් තරගාවලියට එක්ව සිටින අතර ඔවුන්ට ලබන වසරේ පළමු කාණ්ඩයේ කී‍්‍රඩා කිරීම සඳහා සුදුසු කම් ලබාගැනීමට නම් මෙවර දෙවැනි කාණ්ඩයේ වැඩිම ප‍්‍රසාද ලකුණු ලබාගන්නා කණ්ඩායම් 2 අතරට පැමිණිය යුතුය. දෙවැනි කාණ්ඩය නියෝජනය කරන අනිකුත් රටවල් 5 වන්නේ හොංකොං, තායිලන්තය, ඉන්දුනීසියාව, කසකස්ථානය සහ ජෝර්දානයයි.
තරගාවලියට පෙර සූදානමක් ලෙස ශ‍්‍රී ලංකා කණ්ඩායම මැලේසියවේ පුහුණු සැසියට සහභාගි විය. එම පුහුණු සැසිය අතරවාරයේදී මැලේසියානු ප‍්‍රාන්ත කණ්ඩායම් 2 ක් සමග සහ 18 න් පහළ කණ්ඩායම සමග පුහුණු තරග 4 කට සහභාගීවූ ශ‍්‍රී ලංකා කණ්ඩායමට එක් තරගයක් ජයගැනීමටද හැකිවිය.
ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස රොෂාන් රන්දිම සහ සුසිල් උඩුකුඹුර යන මහත්වරු කටයුතු කරති.
තරගාවලියට සහභාගීවන ශ‍්‍රී ලංකා වයස අවුරුදු 16 න් පහළ බාලිකා කණ්ඩායම -
ශෙරීන් පී‍්‍රනා, චතුරි ලියනගේ, ඉමේෂි ප‍්‍රනාන්දු සහ ප‍්‍රශිකා ඉලංගකෝන් (කොටහේන යහපත් එෙඬ්රාගේ කන්‍යාරායම), බිහානි සෙනෙවිරත්න සහ ටයිරා ද සිල්වා (කොළඹ ජාත්‍යන්තර පාසල), සනුරි ද සිල්වා, දිලූමි ගුණවර්ධන, මන්තිලා ගල්ලස්සගේ සහ ශමල්කා ප‍්‍රනාන්දු (කොළඹ ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය), චලනි පෙරේරා සහ අයේශා ගමගේ (මීගමුව ශාන්ත ජෝශප් විදුහල), නිර්මා සසන්ති (වෙන්නප්පුව ශුද්ධවූ පවුලේ බාලිකා පාසල), රෙසුරි විජේසුන්දර (විශාකා විදුහල), මල්ෂා වර්ණුකුල (ශාන්ත ලෝරන්ස් කන්‍යාරාමය)
අන්තර් ජාතික පැසිපන්දු සංගමයේ ආසියානු සම්බන්ධිකරන ප‍්‍රධානී එස්. මගේෂ්වරන්, ශ්‍රී ලංකා පැසිපන්දු සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති රනිල් ෆ‍්‍රැන්සිස්කෝ, ලේකම් ප‍්‍රදීප් රත්නායක යන මහත්වරු සහ තවත් නිලධාරියෙකු තරගාවලියේ ශූරතා කුසලාන එළිදැක්වූ අයුරු.
ඡයාරූපය - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.