දහවැනි ආසියානු ජේ්‍යෂ්ඨ දැල්පන්දු තරගාවලිය ලබන වසරේ (2016) ජුලි මස 30 වැනිදා සිට අගෝස්තු මස 7 වැනිදා දක්වා තායිලන්තයේදී පැවැත්වීමට නියමිතය. අන්තර්ජාතික දැල්පන්දු සම්මේලනයේ අධීක්‍ෂණය යටතේ ආසියානු දැල්පන්දු සංගමය විසින් සංවිධානය කරනු ලබනමෙම තරගාවලිය සඳහා ශී‍්‍ර ලංක කණ්ඩායමේ පුහුණුවීම් දැනටමත් ආරම්භ කර තිබේ.
සිංගප්පුරුව, ශ‍්‍රී ලංකාව, හොංකොං, ඉන්දියාව, ජපානය, වියට්නාමය, මැලේසියාව, බෲනායි, චීනතායිපේ සහ මියන්මාරය යන රටවල් 10 ක් ලබන වසරේදීත් තරගාවලියට ඉදිරිපත් වීමට සූදානමින් සිටී. 1985 වසරේදී ආසියානු තරගාවලියට එක්වු ශ‍්‍රී ලංකාව 1989, 1997, 2001 සහ 2009 වසරවලදී ශූරතා දිනා ගත්තේය.
අවසන් වරට 2014 වසරේ සිංගප්පුරුවේදී පැවැති ආසියානු දැල්පන්දු තරගාවලියේ අවසන් තරගයට පැමිණිමට ශ‍්‍රී ලංකා පිල සමත්විය. එහිදී ශ‍්‍රී ලංකා පිල අනුශූරතාව හිමි කර ගත්තේ සත්කාරක සිංගප්පුරුව හමුවේ ලකුණු 59-41 ක පරාජයක් ලබමිනි.
ආසියානු ශූරතාවලියේ අනුශූරතාව දිනාගත් ශ‍්‍රී ලංකා පිල ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර පැවැති ලෝක දැල්පන්දු තරගාවලියට සුදුසුකම් ලබාගත්තේය.
දිස්ත‍්‍රික් තරග ඔස්සේ දස්කම් පෑ ක‍්‍රීඩිකාවෝ 60 දෙනකුගෙන් සමන්විත සංචිතයක් මෙම තරගාවලිය ඉලක්ක කරමින් මේ දිනවල පුහුණුවීම්වල නිරතව සිටී. ශී‍්‍ර ලංකා සංචිතය සඳහා ඉන් 30 දෙනකු තෝරා ගැනීමට නියමිත අතර ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා සහ දැල්පන්දු සංගමයේ නිලධාරීන් සමග මේ සම්බන්ධව සාකච්ඡුාකර තිබේ.
ලෝක කුසලාන තරගාවලිය සඳහා තෝරාගත් ශී‍්‍ර ලංකා පුහුණුකාරිනියගේ සේවා කාලය මේ වසරේ දෙසැම්බර් මාසයේදී අවසන් වීමට නියමිතය. ශී‍්‍ර ලංකා පිලේ මීළග පුහුණුකාරිනිය ඉදිරියේදී පත්කිරීමට නියමිත බව ශ‍්‍රී ලංකා දැල්පන්දු සංගමයේ සභාපතිනී යසා රාමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.