Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ආර්ජන්ටිනාව වෙනුවෙන් මා කැපවෙනවා - මැරඩෝනා

ආර්ජන්ටිනාව වෙනුවෙන් මා කැපවෙනවා - මැරඩෝනා

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආර්ජන්ටිනාවේ හිටපු පාපන්දු ලෝකශූරයකු වන ඩීගෝ මැරඩෝනා මහතා ආර්ජන්ටිනාව වෙනුවෙන් තමන්ගේ සේවය නොමිලේම ලබාදීමට කැමැත්ත පළකර ඇතැයි රොයිටර් පුවත් සේවය සඳහන් කරයි. මැරඩෝනා මහතා මේ බව සඳහන් කර ඇත්තේ අවසන් 16 දෙනාගේ වටයේදී ප්‍රංශයට එරෙහිව පැවැති තරගය ගෝල 4-3 කින් පරාජයට පත්වීමෙන් පසු තරගාවලියෙන් ඉවත්වීමට සිදුවීමත් සමගය.

මීට පෙර 2010 වර්ෂයේදී පැවැති ලෝක කුසලාන තරගාවලියේදී ආර්ජන්ටිනා කණ්ඩායමේ ප්‍රධාන කළමණාකරු ලෙස මැරඩෝනා මහතා කටයුතු කළද එවරද ආර්ජන්ටිනා කණ්ඩායමට යාහැකි වූයේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා පමණි. මෙවර ප්‍රංශයට එරෙහිව පැවැති තරගය පරාජයට පත්වීමෙන් පසු මැරඩෝනා මහතා ප්‍රධාන පුහුණුකරු ධූරයේ වැඩ බැලීමට කැමැත්තෙන් පසු වුවද, දැනට කණ්ඩායම මෙහෙයවනු ලබන ජෝජ් සාම්පෝලි මහතාගේ ගිවිසුම 2022 දක්වා පවති.

“ ඔව් මම කැමතියි කිසිම අයකිරීමකින් තොරව මගේ සේවය ලබා දෙන්න. මම කිසිම දෙයක් ඉල්ලා සිටියේ නැහැ” යනුවෙන් මැරඩෝනා මහතා රූපවාහිනී වැඩසටහකට සහභාගී වෙමින් පවසා සිටියේය.

මැරඩෝනා යනු තවමත්  පාපන්දු පිටියේ ආන්දෝලනාත්මක මුහුණුවරකි. 1986 වසරේ පාපන්දු ලෝක කුසලානය තම මව්බිමට ගෙන ඒමට සිය නායකත්වය සපයන ලද්දේ මැරඩෝනා විසිනි. මෙවර ලෝක කුසලානය අතරවාරයේ මැරඩෝනා පිළිබඳව මාධ්‍ය ඔස්සේ යම්යම් ප්‍රචාරයන් නිතර දකින්නට ලැබුණි. පළමු වටයේදී නයිජීරියාවට එරෙහිව පැවැති තරගයද අවසන් මොහොතේ ජයගැනීම නිසා ආර්ජන්ටිනාවට අවසන් 16 දෙනාගේ වටයේ තරගවැදීමට අවස්ථා හිමිවිය. නමුත් නයිජීරියාව තරගයේ දෙවන භාගයේදී ගෝලයක් ලබා ගනිමින් තරගය සමකිරීම නිසා ප්‍රේක්ෂකයන් අතර තරගය නරඹමින් සිටි මැරඩෝනා සිහිවිකල්ව සිටීම හේතුවෙන්  අවසානයේ ඔහුව රෝහල්ගත කිරීමටද සිදුවිය. ඒ අනුව මැරඩෝනා මෙවර තරගාවලිය අතරවාරයේ විටෙන් විට මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වූ චරිතයක් බවට පත්විය.

“ මිනිස්සු හිතනවා ඇති මම ඉන්නේ සතුටින් කියලා. නමුත් මගේ හදවත වේදනාවෙන් පිරිලා තියෙන්නේ. මට ලොකු වේදනාවක් දැනෙනවා අපි ගොඩනගපු දේවල් මේ තරම් ඉක්මණින් කඩා වැටීම ගැන ‘යැයි මැරඩෝනා මහතා තරගාවලියේ ආජන්ටිනාව ඉවත් වීමත් සමග ප්‍රකාශ කර තිබුණි.

- 024

 


අදහස් (0)

ආර්ජන්ටිනාව වෙනුවෙන් මා කැපවෙනවා - මැරඩෝනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.