Last Update  :  2024-05-17 14:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ආරම්භයේදීම පසුබෑමක්

ආරම්භයේදීම පසුබෑමක්

editorial - 2023 ජුලි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවර දී ආරම්භ වූ 16 වැනි ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ මූලීක වටයේ තරග දෙකක දී ශ්‍රී ලංකාව ජැමෙයිකාව හා සත්කාරක දකුණු අප්‍රිකාව හමුවේ දැවැන්ත පරාජයන් දෙකක් ලැබීය.

‘‘සී’’ කාණ්ඩයේ මූලික (ලීග්) වටයට සහභාගිවන ශ්‍රී ලංකාව එහි අවසන් තරගයට වේල්සයට එරෙහිව අද (30) සහභාගීවීමට නියමිතව තිබුණි.

ලෝක දැල්පන්දු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව සිව්වැනි ස්ථානයේ පසුවන ප්‍රබල ජැමෙයිකාව ලකුණු 100-2 සීමාව ඉක්මවා යමින් පෙරේදා (28) පැවැති තරගයේ දී ශ්‍රී ලංකාව පරාජයට පත් කළේ ලකුණු 105 - 25 ක තරම් අගයකිනි.

එහිදී ලකුණු 26/05 – 25/06 – 23/7 - 30/7 ක් පරිදි වට හතරේ දී ජැමෙයිකානු ක්‍රීඩිකාවෝ ඉතා පහසුවෙන් පෙරමුණ ගත්හ. ශ්‍රී ලංකාව වසර2015 (සිඩ්නි) තරගාවලියේ දී මලාවි හමුවේ ලකුණු 101-18 ක පරාජයක් ලැබීමෙන් පසුව ප්‍රතිවාදිනියන් හමුවේ ලකුණු 100 සීමාව ඉක්මවා ගොස් පරාජයට පත් වූ පළමු අවස්ථාව මෙයයි.

දකුණු අප්‍රිකාව සමග දෙවනුව පැවැති තරගයේදී ලකුණු 87-32ක පරාජයක් ලැබීමේදී ලකුණු 09/24 – 9/21 – 06/23 – 8/19 වට හතරේම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පසුබෑමෙන් මිදීමට අපොහොසත් වූහ.

කෙසේ වුවත් ශ්‍රී ලංකා නායිකා ගයංජලි අමරවංශ පැවසුවේ ජැමේකාවට මුහුණ දීමේ දී ආසියානුවන් ලෙස සිය කණ්ඩායම දැඩි අසීරුතාවයකට පත්වූවත් ලබාගත් අත්දැකීම් වඩාත් අර්ථවත් වූ බවයි.

අද වේල්සයට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබූ තරගයේ ප්‍රතිඵලය කෙසේ විසඳුනත් ශ්‍රී ලංකාවට තරගාවලියේ ඉදිරියට යාම අපහසුවන අතර ඒ වෙනුවට ඔවුන්ට අගෝස්තු 1 වැනිදා සිට ශ්‍රේණිගත තරගවලට සහභාගීවීමේ අවස්ථාව හිමිවනු ඇත.

මෙවර ලෝක කුසලාන තරගාවලියට ආසියාවෙන් තරග වදින සෙසු කණ්ඩායම වන සිංගප්පූරුව මූලික වටයේ ‘‘ඩී’’කාණ්ඩයේ තරග වදිමින් පැවැති තරග දෙකක දී උගන්ඩාවට (37-79) හා ට්‍රිනිඩැඩ් හා ටොබැගෝට (49-36) පරාජයට පත් විය. ට්‍රිනිඩෑට් සමග තරගයේ දී සිංගප්පූරු ක්‍රීඩිකාවෝ දෙවැනි වටය ලකුණු 9-8 ක් ලෙස ජය ගැනීමට ද සමත් වූහ.


අදහස් (0)

ආරම්භයේදීම පසුබෑමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.