Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර කරච්චිහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිවුවැනි දිනය (15 වැනිදා) නිමාවන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි පාකිස්තාන කණ්ඩායම කඩුලූ 2 ක් දැවී ලකුණු 192 ක් ලබා ඕස්ටේ‍්‍රලියාවට වඩා තවත් ලකුණු 314 ක් පසුපසින් සිටියේය.
සිවුවැනි දිනය සඳහා තරගය නතර කරන විට ආරම්භක පිතිකරු අබ්දුල්ලා ශෆීක් හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 71 ක්ද, නායක බාබර් අසාම් හතරේ පහර 12 ක් සමග ලකුණු 102 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. ඒ වන විට ඔවුන් දෙදෙනා එක්ව පාකිස්තාන දෙවැනි ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 171 කි.
මුලූ ලකුණු සංඛ්‍යාව 2 ක්ව තිබියදී පාකිස්තාන දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස නේදන් ලයන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් ඉමාම් උල් හක් එක් ලකුණකට දැවී ගියේය. පාකිස්තාන ඉනිමට තවත් ලකුණු 19 ක් එක්වන විට අසාර් අලී ලකුණු 6 කට දැවී ගියේ කැමරන් ගී‍්‍රන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමට හසුවෙමිනි.
තෙවැනි දිනය වූ ඊයේ (14 වැනිදා) තරගය නරත කරන විට කඩල්ලක් දැවී ලකුණු 81 ක් ලබා සිටි ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම, අද දිනයේදී සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 16 ක් එක්කර ගැනීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවා පාකිස්තානයට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය. දිනයේ පළමු කඩුල්ල ලෙස මානස් ලැබුෂේන් ලකුණු 44 කට දැවී යෑමත් සමග ඉනිම අත්හිටුවීමට ඕස්ටේ‍්‍රලියානු නායකයා පියවර ගත්තේය.
ශහීන් අෆ්රිඩිගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් අර්ධ ශතකය පෙනි පෙනී දැවීයන විට ලැබුෂේන්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් සමන්විත වී තිබිණ. ඕස්ටේ‍්‍රලියානුවෝ සිය දෙවැනි ඉනිම අත්හිටුවන විට නොදැවී කඩුල්ලේ රැුදී සිටි ආරම්භක පිතිකරු උස්මාන් කවාජා හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 44 ක් ලබා සිටියේය.
ඕස්ටේ‍්‍රලියානු පළමු ඉනිම - කඩුලූ 9 ක් දැවී 556
(ඬේවිඞ් වෝනර් 36, උස්මාන් කවාජා 160, ස්ටීවන් ස්මිත් 72, නේදන් ලයන් 38, ට‍්‍රැවීස් හෙඞ් 23, කැමර්න් ගී‍්‍රන් 28, ඇලෙක්ස් කේරි 93, මිචෙල් ස්ටාක් 28, පැට් කමින්ස් නොදැවී 34, ශහීන් අෆ්රිඩි 95/4, හසන් අලී 71/2)
පාකිස්තාන පළමු ඉනිම - සියලූ දෙනා දැවී 148
(ඉමාම් උල්හක් 20, බාබර් අසාම් 36, නවුමන් අලී නොදැවී 20, මිචෙල් ස්ටාක් 29/3, මිචෙල් ස්වෙප්සන් 32/2)
ඕස්ටේ‍්‍රලියානු දෙවැනි ඉනිම - කඩුලූ 2 ක් දැවී 97
(උස්මාන් කවාජා නොදැවී 44, මානස් ලැබුෂේන් 44)
පාකිස්තාන දෙවැනි ඉනිම - කඩුලූ 2 ක් දැවී 192
(අබ්දුල්ලා ශෆීක් නොදැවී 71, බාබර් අසාම් නොදැවී 102)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.