Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
අෂේන් ඩැනියෙල්ගේ (27/5) දක්ෂ පන්දු යැවීම හමුවේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති අද (7 වැනිදා) නැෂනල් සුපර් ලීග් තරගාවලියේ 14 වැනි තරගයේදී යාපනය කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක පහසු ජයක් වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම සමත් විය.
මේ දක්වා තරග 5 කට සහභාගි වී ඇති මහනුවර කණ්ඩායම එහිදී ලැබූ 4 වැනි ජය මෙය විය. මෙම ජයග්‍රහණයත් සමග යාපනය කණ්ඩායම දෙවැනි ස්ථානයට ඇද දමමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමටද මහනුවර කණ්ඩායමට හැකිවිය.
පළමුවෙන් පන්දුවට පහරදුන් යාපනය කණ්ඩායමට අෂේන් ඩැනියෙල් ප්‍රමුඛ මහනුවර පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 30.2 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 109 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ අෂේන් එහිදී ලකුණු 27 කට කඩුලු 5 ක් බිඳහෙළුවේය.
ජයග්‍රණය සඳහා ලකුණු 110 ක ඉලක්කයක් හඹාගිය මහනුවර ක්‍රීඩකයෝ ඕවර 27 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. පන්දු 57 කට මුහුණුදුන් සහන් ආරච්චිගේ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 20 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.
එහිදී මහනුරව කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදුන් නිරෝෂන් දික්වැල්ල පන්දු 34 කදී ලකුණු 45 ක් රැස්කළේ හතරේ පහර 8 ක් සමගිනි. මහනුවර කණ්ඩායමේ පිතිකරුවන් සිව්දෙනකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් දැවී ගිය අතර එහිදී නුවන් ප්‍රදීප් ලකුණු 19 කට කඩුලු 2 ක් දවාගත්තේය.
යාපනය පිල - ඕවර 30.2 කදී සියලු දෙනා දැවී 109
(සදීර සමරවික්‍රම 31, අෂේන් ඩැනියෙල් 27/5, සහන් ආරච්චිගේ 03/2)
මහනුවර පිල - ඕවර 27 කදී කඩුලු 5 ක් දැවී 110
(නිරෝෂන් දික්වැල්ල 45, සහන් ආරච්චිගේ නොදැවී 20, නුවන් ප්‍රදීප් 19/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.