Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අශ්වින් - යාදව් එංගලන්තය අමාරුවේ දමති
ධරම්ශාලා ටෙස්ට් තරගය

අශ්වින් - යාදව් එංගලන්තය අමාරුවේ දමති

editorial - 2024 මාර් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ ධරම්ශාලා නුවරදී අද (7 වැනිදා) ආරම්භ වූ පස්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේදී කුල්දීප් යාදව් (72/5) සහ රවිචන්ද්‍රන් අශ්වින් (51/4) එක්ව එංගලන්ත කණ්ඩායම ලකුණු 218 කට දවාලූහ. ආරම්භක පිතිකරු සැක් ක්‍රෝලි (79) පමණක් අර්ධ ශතකයක් ලබාගත් අතර මෙම තරගය රවිචන්ද්‍රන් අශ්වින්ගේ මෙන්ම එංගලන්ත පිතිකරු ජොනී බෙයාර්ස්ටෝගේත් 100 වැනි ටෙස්ට් තරගය වෙයි. 

ටෙස්ට් තරගයක පළමු දිනය වුවද, එංගලන්ත ඉනිමේ කඩුලු 10 ම ඉන්දීය දඟ පන්දු යවන්නන් විසින් බෙදාගන්නා ලදහ. එහෙත් දිනය අවසන් වූයේ ඉන්දීය පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව කඩුල්ලක් දැවී ලකුණු 135 ක් ලෙසින් සටහන් වීමෙනි. 

එංගලන්ත කණ්ඩායම වරෙක කඩුලු 3 කට ලකුණු 175 ක් ලබා සිටියද, ජොනී බෙයාර්ස්ටෝ දැවීයාමත් සමගින් කඩුලු 7 ක් ලකුණු 45 ක් තුළදී ඇද වැටිණ. එංගලන්ත ඉනිම ඕවර 57.4 කදී අවසන් වූයේ අවසන් කඩුලු 4 ම රවිචන්ද්‍රන් අශ්වින්ට තිළිණ කරමිනි. කාසියේ වාසිය දිනා පළමුවෙන් ලකුණු රැස්කිරීම තෝරාගත් නමුත් එංගලන්ත පිලට එයින් අත්කරගත හැකි වාසියක් නොවිණ. වමතින් දඟ පන්දු යවන කුල්දීප් යාදව් සිව්වැනි වතාවටත් ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 ක් දවාගනිමින් ටෙස්ට් කඩුලු 50 කඩයිම පසුකර ගියේය. 

තම 100 වැනි ටෙස්ට් තරගයේදී ලකුණු 6000 සීමාව පසුකළ බෙයාර්ස්ටෝ, වමත් දඟ පන්දු යවන්නා හමුවේ දැවී ගියේ විතීවි අවස්ථාවක් ද නාස්ති කරමිනි. සැක් ක්‍රෝලි පමණක් තමන්ගේ පිතිකරු රිද්මයට පිවිසෙමින්, හතරේ පහර 11 ක් සහ හයේ පහරක් ද සමගින් ලකුණු 79 ක් ලබාගත්තේය. 

තරග 5 කින් සමන්නිත තරගාවලියේ පළමු තරගය ජයගත් එංගලන්තය එතැනින් පසුව පැවැති තරග 4 ම පරාජය විය. මේ වන විටත් 1-3 ක් ලෙසින් තරගාවලියේ පසුපසින් සිටින එංගලන්තය සංචාරය නිමාවීමට පෙර සැනසිලිදායක ජයක් සොයමින් සිටී. 

එංගලන්තය - පළමු ඉනිම 218 
(සැක් ක්‍රෝලි 79, බෙන් ඩකට් 27, ඔලී පෝප් 11, ජෝ රූට් 26, ජොනී බෙයාර්ස්ටෝ 29, බෙන් ෆෝක්ස් 24, ෂොයිබ් බෂීර් නොදැවී 11, රවිචන්ද්‍රන් අශ්වින 51/4, කුල්දීප් යාදව් 72/5)

ඉන්දියාව - පළමු ඉනිම කඩුලු 1 ට 130 
(යශස්වී ජයිස්වාල් 57, රෝහිත් ෂර්මා නොදැවී 52, ෂුබ්මන් ගිල් නොදැවී 26, ෂොයිබ් බෂීර් 64/1)

- 213 


අදහස් (0)

අශ්වින් - යාදව් එංගලන්තය අමාරුවේ දමති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.