Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
හම්බන්තොට මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී අද (21 වැනිදා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී අවිෂ්ක ප‍්‍රනාන්දුගේ විශිෂ්ඨ පිතිහරඹය හමුවේ ලකුණු 23 කින් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම පරාජය කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. ඒ අනුව අනිද්දා (23 වැනිදා) පැවැත්වෙන අවසන් මහ තරගයේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තරග බිමට පිවිසීමට නියමිතය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 211 ක ඉලක්කයක් හඹාගිය දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමට ජේඞ්න් සීල්ස් ප‍්‍රමුඛ ජැෆ්නා කිංග්ස් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලූ 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 187 ක් පමණි. එහිදී සීල්ස් ලකුණු 24 කට කඩුලූ 3 ක් දවාගත් අතර මහීෂ් තීක්ෂණ සහ නායක තිසර පෙරේරා කඩුලූ 2 බැගින්ද, වනිඳු හසරංග සහ සුරංග ලක්මාල් එක් කඩුල්ල බැගින්ද දවාගනිමින් දඹුල්ල කණ්ඩායමේ ජයග‍්‍රාහී මාවත අවහිර කළහ.
අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිතර වෙමින් පන්දු 47 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 10 ක් සමග ලකුණු 75 ක් රැස්කිරීමට චාමික කරුණාරත්න සමත් වුවත්, ඔහුට දඹුල්ල කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය. දඹුල්ල කණ්ඩායමේ ආරම්භක පිතිකරු පිලිප් සෝල්ට් පන්දු 11 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 22 ක් රැස්කරමින් යළිත් වරක් තරගාවලියේ වැඩිම ලකුණු ලාභින් අතර පෙරමුණට පැමිණියේය. මෙවර තරගාවලියේ තරග 10 කදී අර්ධ ශතක 2 ක් සමග ඔහු රැස්කළ ලකුණු සංඛ්‍යාව 301 කි.
පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අවිෂ්ක ප‍්‍රනාන්දුගේ අගනා ශතකය හේතුවෙන් ඕවර 20 අවසන් වන විට කඩුලූ 4 ක් දැවී ලකුණු 210 ක් ලබා ගත්තේය. පන්දු 64 කදී ලබාගත් එම ශතකය හයේ පහර 4 කින් සහ හතරේ පහර 10 කින් සමන්විත විය. ලංකා පි‍්‍රමියර් ලීග් ඉතිහාසයේ කී‍්‍රඩකයකු ලබාගත් දෙවැනි ශතකය මෙන්ම එක් ඉනිමකදී කී‍්‍රඩකයකු රැස්කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද අවිෂ්කගේ ඉනිම වාර්තා අතරට එක් විය. ඉකුත් වසරේදී (2020) පැවැති තරගාවලියේදී ලකුණු 108 ක් රැස්කළ කොළඹ කණ්ඩායමේ ලෝරි එවන්ස් හොඳම එල්.පී.එල්. ඉනිමට හිමිකම් කියයි.
සෙසු ආරම්භක පිතිකරුවා වූ රාහ්මනුල්ලා ගුර්බාස් (70) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 80 කදී ලකුණු 122 ක සම්බන්ධක් ගොඩනගමින් යාපනය කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදීමටද අවිෂ්ක සමත් විය. එහිදී පන්දු 40 කට මුහුණදුන් ගුර්බාස් හයේ පහර 4 කින් සහ හතරේ පහර 5 කින් සිය ඉනිම සැරසුවේය. ලංකා පී‍්‍රමියර් ලීග් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැගුණ දෙවැනි ඉහළම සම්බන්ධතාව ලෙසද එය සටහන් විය. ඉකුත් වසරේදී දඹුල්ල කණ්ඩායමේ දසුන් ශානක (73) සහ සමිට් පටේල් (58) එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 64 කදී ගොඩනැගූ ලකුණු 127 ක සම්බන්ධතාව හොඳම එල්.පී.එල්. සම්බන්ධතාව ලෙස සටහන් වේ.
ජැෆ්නා කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 4 කට 210
(අවිෂ්ක ප‍්‍රනාන්දු 100, රාහ්මනුල්ලා ගුර්බාස් 70, කොලර් කැඞ්මෝ 15, ළහිරු සමරකෝන් 30/2)
දඹුල්ල ජයන්ට්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 187
(පිලිප් සෝල්ට් 22, නිරෝෂන් දික්වැල්ල 18, නජිබුල්ලා සද්රාන් 21, චාමික කරුණාරත්න නොදැවී 75, ජේඞ්න් සීල්ස් 24/3, මහීෂ් තීක්ෂණ 23/2, තිසර පෙරේරා 50/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.