Last Update  :  2025-07-22 18:03:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අවිෂ්ක තරිඳුගෙන් වේගවත් ශතකයක්

අවිෂ්ක තරිඳුගෙන් වේගවත් ශතකයක්

editorial - 2022 මැයි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සරේ ප්‍රන්ත කණ්ඩායමට එරෙහිව එංගලන්තයේ ගිල්ෆර්ඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති සිවුදින තරගයේදී වේගවත් ශතකයක් ලබාගැනීමට ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමේ අවිෂ්ක තරිඳු (නොදැවී 103) සමත් විය. ශතකය ලබාගැනීමට සඳහා පන්දු 108 කට මුහුණදුන් තරිඳු හයේ පහරකින් සහ හතරේ පහර 14 කින් සිය ඉනිම සැරසුවේය.

දෙපිල අතර පැවැති තරගය සඳුදා (23 වැනිදා) ජය පැරදුමකින් තොරව අවසන් විය. තරගය නිමාවට පත්වන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 290 ක් ලබා සිටියේය. නායක නිපුන් ධනංජය ලකුණු 81 කට දැවී යෑමත් සමග දෙපිලේම එකඟතාවය මත තරගය නතර කෙරිණ. 

තෙවැනි දිනය වූ පෙරේදා (22 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 7 ක් දැවී ලකුණු 482 ක් ලබා සිටි සරේ ප්‍රාන්ත කණ්ඩායම, ඊයේ දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 74 ක් එක්කර ගත්තේය. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 143 කට කඩුලු 5 ක් දවාගැනීමට සමත් විය. 

සරේ කණ්ඩායමට වඩා ලකුණු 184 ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදීමට ලසිත් කෲස්පුල්ලේ සමත් විය. හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 49 ක් ලබා අර්ධ ශතකය පෙනි පෙනී සිටියදී නේතන් බර්න්වෙල්ගේ පන්දුවක් හමුවේ ඔහු දැවී ගියේය. 

ලකුණු 113 කට කඩුලු 5 ක් බිඳවැටී තිබියදී පිටියට පැමිණි නායක නිපුන් ධනංජය (81) සහ අවිෂ්ක තරිඳු (නොදැවී 103) හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 177 ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. දක්ෂ පිතිහරඹයක නිරත වූ ධනංජයගේ අර්ධ ශතකය හතරේ පහර 6 කින් සමන්විත විය. 

ශ්‍රී ලංකා නැඟී එන පිලේ පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 372 
(ලසිත් කෲස්පුල්ලේ 32, නුවනිඳු ප්‍රනාන්දු 16, නිපුන් ධනංජය නොදැවී 150, අවිෂ්ක තරිඳු 48, මනෙල්කර් ද සිල්වා 16, දුනිත් වෙල්ලාලගේ 46, යසිරු රුද්‍රිගූ 17, ටොම් ලෝස් 34/3, ආමර් වර්දි 67/3) 

සරේ ප්‍රාන්ත පිලේ පළමු ඉනිම - සියලු දෙනා දැවී 556 
(බෙන් ගීඩ්ස් 104, රයන් පටේල් 126, ජැමී ස්මිත් 45, නිකෝ රෙයිෆර් 68, ගුස් ඇට්කින්සන් 91, බ්‍රෙට් හටන් 17, නේතන් බර්න්වෙල් 22, ඩෑන් මොරියර්ටි 29, දුනිත් වෙල්ලාලගේ 143/5, නුවනිඳු ප්‍රනාන්දු 78/2, අම්ෂි ද සිල්වා 124/2) 

ශ්‍රී ලංකා නැඟී එන පිලේ දෙවැනි ඉනිම - කඩුලු 6 ක් දැවී 290  
(ලසිත් කෲස්පුල්ලේ 49, අවිෂ්ක පෙරේරා 18, නිපුන් ධනංජය 81, අවිෂ්ක තරිඳු නොදැවී 103, බ්‍රෙට් හටන් 32/2, ගුස් ඇට්කින්සන් 32/2) 

-036


අදහස් (0)

අවිෂ්ක තරිඳුගෙන් වේගවත් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.