Last Update  :  2025-09-14 23:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අවිශ්කට කොරෝනා

අවිශ්කට කොරෝනා

editorial - 2022 ජන මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(දමින්ද විජේසූරිය)

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු අවිශ්ක ප‍්‍රනාන්දුටත් කොරෝනා වයිරසය අසාදනය වී ඇතැයි වාර්තා වේ. මෙම තත්ත්වය අනුව සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය අවිශ්ක ප‍්‍රනාන්දුට අහිමි වනු ඇත.

සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා කී‍්‍රඩකයන් 18 දෙනකුගෙන් සමන්විත සංචිතයක් තෝරාගනු ලැබ ඇත. සංචිතයේ කී‍්‍රඩකයන් 18 දෙනාත් ඇතුළුව සහාය කාර්ය මණ්ඩලයේ 11 දෙනකුද සමගින් 29 දෙනකුට අද (සෙනසුරාදා) පෙරවරුවේදී පී.සී.ආර්. පරීක්‍ෂණ කර තිබේ. එම පී.සී.ආර් පරීක්‍ෂණවල ප‍්‍රතිඵල අද සවස්වන තුරුම ලැබී නොතිබිණ.

කෙසේ වෙතත් මෙම පී.සී.ආර්. පරීක්‍ෂණයෙන් පසුව උගුරේ ඇතිවූ අපහසුතාවක් හේතුවෙන් කොළඹ නවලෝක රෝහලේදී අවිශ්ක නැවතත් ක්‍ෂණික ප‍්‍රතිදේහ පරීක්‍ෂණයක් කර ඇත. ධනාත්මක වී ඇත්තේ එම ක්‍ෂණික ප‍්‍රතිදේහ පරීක්‍ෂණයයි. කෙසේ වෙතත් ඇතැම් වෛද්‍ය පරීක්‍ෂණ වාර්තා වරදින අවස්ථාත් කොතෙකුත් තිබේ.

සිම්බාබ්වේ කණ්ඩායම අනිද්දා (10 වැනිදා) අලූයම 2.00 ට පමණ රාති‍්‍රයේ දිවයිනට පැමිණීමට නියමිතය. සිම්බාබ්වේ කී‍්‍රඩකයන්ට ගුවන් තොටුපොළේදීම පී.සී.ආර්. පරීක්‍ෂණ කෙරෙන එතැනින් මහනුවර බලා යන සිම්බාබ්වේ කී‍්‍රඩකයෝ දින තුනක් හෝටලයටම වී සිටිති. ඔවුන්ගේ පුහුණුවීම් ආරම්භ කෙරෙනුයේ 14 වැනිදා ය.

තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය මේ මස 16 වැනිදා පල්ලෙකැළේ අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වේ.


අදහස් (0)

අවිශ්කට කොරෝනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.