Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අයි.පී.එල්. විකල්පය ශ්‍රී ලංකාවට
එල්.පී.එල්. - 2022

අයි.පී.එල්. විකල්පය ශ්‍රී ලංකාවට

editorial - 2022 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාව තුළ පැතිර යන කොරෝනා වයිරසයේ අවදානම හේතුවෙන් මේ වසරේ (2022) පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය දකුණු අප්‍රිකාවේදී හෝ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සැලසුම් සකස් කරමින් සිටින බව ඉන්දීය පුවත්පත් වාර්තා කරයි.

දෙසැම්බර් මස අවසන් සතියේ සිට මේ දක්වා ඉන්දියාව තුල කොරෝනා රෝගීන්ගේ අඛණ්ඩ වැඩිවීමක් පෙන්නුම් කරන අතර ඉදිරි මාසවලදී තත්වය යහපත් නොවන්නේ නම්, අයි.පී.එල්. තරගාවලිය දකුණු අප්‍රිකාවට ගෙන යාමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය උත්සාහ කරමින් සිටී. ටෙස්ට් සහ එක්දින තරගාවලියක් සඳහා මේ වනවිට ඉන්දීය කණ්ඩායම දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරතව ඇත. 

“දැන් පැවැත්වෙන ඉන්දීය පිලේ දකුණු අප්‍රිකානු සංචාරයේ සංවිධාන කටයුතු පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතිශයින් සතුටු වන අතර විකල්පයක් ලෙස අප ඔවුන් ගැන සලකා බැලීමට එය ප්‍රධාන හේතුවක්” යනුවෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉහළ නිලධාරියෙක් පවසා ඇත.

මීට පෙර 2009 වසරේදී ඉන්දියාවේ පැවති මැතිවරණයක් හේතුවෙන් ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ සත්කාරකත්වය දකුණු අප්‍රිකාවට හිමිවිය.

මුදල් අතින් ලොව පොහොසත්ම ලීගයේ සත්කාරකත්වය සැපයීම සඳහා දෙවැනි සැලැස්මෙහි කොටසක් ලෙස ශ්‍රී ලංකාව ද තෝරා ගෙන ඇත. ලක්නව් සහ අහමදාබාද් යන නව කණ්ඩායම් දෙක මෙවර අයි.පී.එල්. තරගාවලියට එකතු කිරීමත් සමඟ මේ වසරේදී පැවැත්වීමට නියමිත තරගාවලිය මෙතෙක් පැවති දීර්ඝතම තරගාවලිය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පසුගිය වාර දෙකේදී (2021 අර්ධ වශයෙන්), කොරෝනා රෝගීන්ගේ වැඩිවීමෙන් පසුව අයි.පී.එල්. තරඟාවලිය එක්සත් අරාබී එමීර් රාජ්‍යය වෙත ගෙන ගියේය. කෙසේ වෙතත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙවර අයි.පිී.එල්. තරගාවලියේ සත්කාරකත්වය සඳහා අලුත් රටක් සොයමින් සිටී. 

“අපට සෑම විටම එක්සත් අරාබි එමීර් රාජ්‍යය මත යැපීමට නොහැකි නිසා අපි තවත් විකල්ප සෙවීමට තීරණය කලා. දකුණු අප්‍රිකාවේ කාලය පිළිබඳ වෙනසත් ක්‍රීඩකයන්ට හොඳින් ගැලපෙනවා. ශ්‍රී ලංකාව තවත් විකල්පයක ලෙස අපට සලකා බලන්න පුලුවන්” යැයි එම ඉහළ නිලධාරියා පැවසීය.

“දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර දෙවැනි ටෙස්ට් තරගය සඳහා කණ්ඩායම රැඳී සිටි ස්ථානය අක්කර ගණනාවක් පුරා විසිරී තිබෙනවා. ඇවිදීමේ මංතීරු සහ පොකුණක් පවා තිබූ අතර එය පසුගිය වසර කිහිපය තුළ හෝ විදේශ සංචාර කිහිපයකදී තම කාමරවලට සීමා වූ ක්‍රීඩකයින්ට ඔවුන්ගේ වැඩ පහසු කරලා තියෙනවා”

පසුගිය සතියේදී ඉන්දියාව තුල කොවිඞ් රෝගීන් විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. ඊයේ (ජනවාරි 12) දිනය තුළ නව රෝගීන් 2,47,000 ක් වාර්තා විය. පසුගිය මාස 7 තුළ රට දිනකට රෝගීන් ලක්ෂ 2 කට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වූ පළමු අවස්ථාව ලෙස මෙය සැලකේ.

- 2079


අදහස් (0)

අයි.පී.එල්. විකල්පය ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.