Last Update  :  2025-07-26 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අයි.පී.එල්. නීති සංශෝධනය කෙරේ

අයි.පී.එල්. නීති සංශෝධනය කෙරේ

editorial - 2022 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග නීති කිහිපයක් සංශෝධනය කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සහ අයි.පි.එල්. සංවිධායකයන් තීරණය කර ඇත. මින් පෙර එක් ඉනිමකදී එක් කණ්ඩායමක් සඳහා ලබාදී තිබූ විනිසුරු තීරණ නැවත විමසීමේ අවස්ථාව අවස්ථා දෙකක් දක්වා වැඩි කර ඇත.

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පසුගියදා හදුන්වා දුන් පිතිකරුවෙකු උඩ පන්දුවක් ලබා දී දැවී ගියහොත් ඔහු වෙනුවට පැමිණෙන නව පිතිකරුවා ඊළග පන්දුවට මුහුණ දිය යුතු බවට වන නීතියද (ඕවරයක නිමාව සිදු නොවන්නේ නම් පමණක්) මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ සිට සංශෝධනය කර තිබේ.

දැනට පවතින නීතිය අනුව පිතිකරුවෙකු උඩ පන්දුවක් ලබා දී දැවී යන විට උඩ පන්දුව රැක ගන්නා අවස්ථාවේදී පිතිකරුවන් දෙදෙනා ලකුණක් කරා පැති මාරුකර ගනිමින් එකිනෙකා පසුකර සිටියහොත් නව පිතිකරුවා වෙනුවට පිටියේ රැදී සිටි අනෙක් පිතිකරුවා ඊළග පන්දුවට පහර දිය යුතුය.

එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය විසින් සංශෝධනය කරන ලද මෙම නිතීය ලබන ඔක්තෝබර් මාසයේ සිට ක්‍රීයාත්මත කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පසුගියදා තීරණය කළේය.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් කණ්ඩායමකට තරගයක් සදහා නියමිත ක්‍රීඩකයින් ප්‍රමාණය සහභාගී කරවා ගැනීමට නොහැකි වන අවස්ථාවක එම තරගය වෙනත් දිනයක පැවැත්වීම තීරණය කර ඇත. යම් කිසි හෙයකින් එම තරගය වෙනත් දිනයකදී පැවැත්විය නොහැකි තත්ත්වයක් උද්ගත වුවහොත් ඒ සම්බන්ධයෙන් ගත යුතු අවසන් තීරණය අයි.පී.එල් තාක්ෂණික කමිටුව විසින් ගැනීමට නියමිතව ඇත.

තරගාවලියේ අවසන් වටයේ (කඩයිම්) තරගයක් ලකුණු සම වීමෙන් අවසන් වූ අවස්ථාවක ජයග්‍රාහකයා තෝරා ගැනීම සදහා සුපිරි ඕවරයක් ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් පවතින්නේනම් ලීග් වටයේ දී ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටි කණ්ඩායමට අදාළ තරගයේ ජයග්‍රහණය පිරිනැමීමට ද තීරණය කර ඇත.

චෙන්නායි සුපර් කිංග්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතර මුම්බායිහී වැන්කඩේ ක්‍රීඩාංගණයේදී මේ මස 26 වැනිදා පැවැත්වෙන තරගයෙන් මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය ආරම්භ වේ.

කාණ්ඩ දෙකක් යටතේ කණ්ඩායම් 10 ක් මෙවර තරගාවලියට එක්වන අතර කඩයිම් තරග 4 ත් ඇතුලුව තරග 74 ක් පැවැත්වේ. අවසන් මහා තරගය මැයි 29 වැනිදා පැවැත්වෙන අතර කඩයිම් තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ පසුව දැනුම් දෙනු ඇත.

(ඡායාරූපය - අයි.පී.එල්. නිල වෙබ්අඩවිය අනුග්‍රහයෙනි)

- 2079

 


අදහස් (0)

අයි.පී.එල්. නීති සංශෝධනය කෙරේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.