Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අමාෂාට රිදී පදක්කමක්

අමාෂාට රිදී පදක්කමක්

editorial - 2021 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ පතියලා නුවරදී 60 වැනි වරටත් පැවැති ඉන්දීය අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 කාන්තා තරග ඉසව්වේ රිදී පදක්කම අමාෂා ද සිල්වා විසින් හිමිකර ගන්නා ලදි. මෙම තරගාවලියේදී තම හොඳම හොඳම දක්ෂතාවය වාර්තා කළ ඇය එහිදී තත්පර 11.59 කින් තරගය අවසන් කළාය .

අමාෂා එහි රිදී පදක්කම හිමිකරගත්තේ ඉන්දීය ජාතික වාර්තාවේ හිමිකාරිය වන ඩුටී චාන්ද් අවසන් තරඟයේ දී තරඟයේ දී සිව්වන ස්ථානයට ඇද දමමිනි.

මීටර 100 x 4 කාන්තා සහය දිවීමේ ඉසව්ව නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ තරගයේදී දෙවන ස්ථානය දිනා ගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. අමාෂා ද සිල්වා ,මේධානි ජයමාන්න ශෙලින්ඩා ජැන්සන් සමග ෂෆියා  ශමික් එම කණ්ඩායම නියෝජනය කළහ.

ශ්‍රී ලංකා කාන්තා මීටර 100 x 4 කාන්තා සහය දිවීමේ කණඩායමේ තරග නිමි කාලය සටහන් වූයේ තත්පර  45.30ක් ලෙසිනි.


- 213


අදහස් (0)

අමාෂාට රිදී පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.