Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
මාලදිවයිනේ මාලේ නුවරදී පැවැත්වෙන දකුණු ආසියානු කනිෂ්ඨ සහ ආධුනික මේසපන්දු තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමේ ගුවන් ප්‍රවේශපත්‍ර සඳහා වැයවන වියදම් දැරීමට ක්‍රීඩා අමාත්‍යංශය ඉදිරිපත්වී තිබේ. මෙම මස 9 වැනිදා සිට 12 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා සත්කාරක මාලදිවයිනට සහ ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පාකිස්තානය, භූතානය, නේපාලය සහ යන රටවල්ද සහභාගී වීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ සිට මාලදිවයිනට යෑමට සහ ආපසු පැමිණීම සඳහා වන ගුවන් ප්‍රවේශ පත්‍රයක මිල මේ වන විට රුපියල් 145,000 ක පමණ අගයක් ගනී. ඒ අනුව මෙම සංචාරයට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 14 දෙනාගේ සහ නිලධාරීන්ගෙන් දෙදෙනකුගේ ගුවන් ගමන් සඳහා අමාත්‍යංශයට දැරීමට සිදුවන මුදල දල වශයෙන් රුපියල් ලක්ෂ 23 ඉක්මවයි.
ඉකුත් 5 වැනිදා වන තෙක්ම අවිනිශ්චිත තත්ත්වයක පැවැති මෙම සංචාරය ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ සභාපතිවරයා වන මහාමාර්ග කැබිනට් අමාත්‍ය කනක හේරත් මහතාගේ මැදිහත්වීම මත සාර්ථක කර ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම අමාත්‍යංශවලට දන්වා යවා තිබුණේ අත්‍යාවශ්‍ය කරුණු සඳහා පමණක් වියදම් කරන ලෙසසි. ක්‍රීඩා අමාත්‍යංශයේ මූලික කොන්දේසිය වූයේ තරගාවලිය සඳහා මේස පන්දු සම්මේලනය හෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගුවන් ප්‍රවේශපත් සඳහා මුදල් සොයාගත යුතු බවයි. එහෙත් ඉහළ මට්ටමේ බලපෑම් හේතුවෙන් ක්‍රීඩක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ගුවන් ප්‍රවේශපත් මිලදී ගැනීමට ක්‍රීඩා අමාත්‍යංශය ඉදිරිපත් වී තිබේ.
තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙම මස 8 වැනිදා දිවයිනයෙන් පිටත්ව යෑමට නියමිතය. ඊට ක්‍රීඩකයෝ 7 දෙනෙක් සහ ක්‍රීඩිකාවෝ 7 දෙනෙක් ඇතුළත්ව සිටිති. වයස 19 න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකුගෙන්, වයස 15 න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙකුගෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සමන්විත වේ.
බුද්ධික දික්කුඹුර සහ ලක්ෂාන් හර්ෂණ යන මහත්වරු පුහුණුකරුවන් ලෙස කණ්ඩායමට එක්ව සිටින අතර බුද්ධික නියරේපොළ මහතා කණ්ඩායමේ කලමණාකරු ලෙසත්, ශර්මිලා මනෝජිකා මහත්මිය බාලිකාවන් භාර නිලධාරිණිය ලෙසත් කටයුතු කරති. කෙසේ වුවත් එම නිලධාරීන් සිවුදෙනාගෙන් දෙදෙනකුට පමණක් අමාත්‍යංශයෙන් ගුවන් ප්‍රවේශපත් ලබාදී ඇති අතර සෙසු නිලධාරීන් දෙදෙනාට වෙනත් මාර්ගයකින් ඒ සඳහා අවශ්‍ය මුදල් සොයාගැනීමට සිදුව තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.