Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අම්පාර - කිලිනොච්චිය ශූරතා දිනයි
ජාතික කබඩි තරගාවලිය

අම්පාර - කිලිනොච්චිය ශූරතා දිනයි

editorial - 2022 ජන මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශී‍්‍ර ලංකා කබඩි සම්මේලනය සංවිධානය කළ ජාතික කබඩි ශූරතාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට අම්පාර දිස්ත‍්‍රික්කයත්, කාන්තා ශූරතාව දිනාගැනීමට කිලිනොච්චි දිස්ත‍්‍රික්කයත් සමත් විය. දින 3 ක් පුරා කොළඹ කී‍්‍රඩා අමාත්‍යංශ ගෘහස්ත කී‍්‍රඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා දිස්ත‍්‍රික් කණ්ඩායම් රැසක් සහභාගි විය.

අවසන් මහ තරගයේදී ලකුණු 56-20 ක් ලෙස මඩකලපුව දිස්ත‍්‍රික්කය පරාජය කරමින් අම්පාර දිස්ත‍්‍රික් කී‍්‍රඩකයෝ පිරිමි ශූරතාවට හිමිකම් කීහ.  අම්පාර දිස්ත‍්‍රික් කණ්ඩායමේ අස්ලාම් සාජා තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස සම්මාන ලැබීය.

කිලිනොච්චි දිස්ත‍්‍රික් කී‍්‍රඩිකාවන් තරගාවලියේ කාන්තා ශූරතාවට හිමිකම් කීවේ අවසන් මහ තරගයේදී ලකුණු 49-39 ක් ලෙස යාපනය දිස්ත‍්‍රික්කය පරාජය කරමිනි. කිලිනොච්චි දිස්ත‍්‍රික් කණ්ඩායමේ පී. දනූෂා තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩිකාව බවට පත් වූවාය.

කිලිනොච්චි දිස්ත‍්‍රික්කයට එරෙහිව ලකුණු 31-30 ක තියුණු ජයක් වාර්තා කළ අනුරාධපුර දිස්ත‍්‍රික් කී‍්‍රඩකයෝ පිරිමි කාණ්ඩයේ තෙවැනි ස්ථානය හිමිකර ගත්හ. මඩකලපුව දිස්ත‍්‍රික් කී‍්‍රඩිකාවෝ කාන්තා කාණ්ඩයේ තෙවැනි ස්ථානයට හිමිකම් කීවේ කළුතර දිස්ත‍්‍රික්කයට එරෙහිව ලකුණු 33-29 ක ජයක් වාර්තා කරමිනි.

කොරෝනා වසංගතය හේතුවෙන් වසර 2 ක් පුරා කල් දැමුණ මෙම තරගාවලිය දැඩි සෞඛ්‍ය විදි විධාන යටතේ සංවිධානය කෙරුණ අතර තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස කී‍්‍රඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහභාගි විය.

ජාතික කබඩි ශූරතාවලියේ පිරිමි ශූරතාව දිනාගත් අම්පාර දිස්ත‍්‍රික්කය

 

ජාතික කබඩි ශූරතාවලියේ කාන්තා ශූරතාව දිනාගත් කිලිනොච්චි දිස්ත‍්‍රික්කය


අදහස් (0)

අම්පාර - කිලිනොච්චිය ශූරතා දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.