Last Update  :  2024-04-26 16:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අපේ පරාජයට හේතුව අවාසනාවයි

අපේ පරාජයට හේතුව අවාසනාවයි

editorial - 2021 ඔක් මස 05 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(නාමල් පතිරගේ ‘මාලේ’ නුවර සිට)

නේපාලය සමග පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා විලාසය දකුණු ආසියානු පාපන්දු ශූරතාවලියේ ඉතිරි තරග දෙකට මුහුණදීම සඳහා නව පන්නරයක් ලබාදුන් බව ජාතික පාපන්දු කණ්ඩායමේ නායක සුජාන් පෙරේරා පවසයි.

අපි මේ තරගයෙන් පරාජය වුණා. නමුත් අපි නේපාලයට ඇති කළ පීඩනය අවසන් මොහොතේදී තරගය නැරඹූ දෙරටේම නරඹන්නන්ගේ ඉහළම අවධානයට යොමු වුණා. අපිට මේ තරගයේදී බලපෑවේ අවාසනාවයි. ගෝල අවස්ථා කීපයක්ම ඉතා තියුණු ආකාරයෙන් අපට මග හැරී ගියේ හිතන්නවත් බැරි විදියටයි*

ශ්‍රී ලංකාවට ඊළඟට මුණ ගැසෙන ප්‍රතිවාදීන් දෙදෙනාම ප්‍රබලයන්. ඉන්දියාව කියන්නේ ගිය පාර අනුශූරයන්. ඊළඟට මුණ ගැහෙන මාලදිවයින කියන්නේ ගිය පාර ශූරයන්. ඒ නිසා අපට ඔවුන්ට එරෙහිව ප්‍රබල සටනක් දෙන්න වෙන එක ඇත්තක් වුණත් නේපාලය සමග පැවැති තරගයේදී අපේ ක්‍රීඩකයන්ගේ ප්‍රබෝධය අපට ඉදිරි තරග දෙකට මුහුණ දෙන්න මේ වනවිට විශාල අත්දැකීමක් කර ගන්න පුළුවන්.’’ යයි සුජාන් පෙරේරා පැවසීය.

සුජාන් පෙරේරා වැඩිදුරටත් පැවසුවේ තරග දෙකක් පරාජය වීමෙන් ශ්‍රී ලංකාවට අවසන් මහ තරගයේ බලාපොරොත්තු අත්හැර ගැනීමේ තත්ත්වයක් පැන නැගී තිබෙන බවයි. එහෙත් ඉතිරි තරග දෙකේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා උපරිම තැනකට ගෙන එමින් අවසන් මොහොතේ තරගාවලියේ පෙරළියක් කිරීමට සිය ක්‍රීඩකයන් සූදානමින් සිටින බවද සුජාන් පෙරේරා පැවසීය.

‘මාලේ’ නුවරදී පෙරේදා (4) රාත්‍රියේ පැවැති මූලික වටයේ තරගයකදී ශ්‍රී ලංකාව නේපාලය හමුවේ ගෝල 3 - 2 කින් පරාජය විය.

කෙසේ වුවත් පළමු භාගයේදී නේපාලය ගෝල 1—0 කින් ඉදිරියෙන් සිටියද දෙවැනි භාගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ආක්‍රමණකාරී සටනට පිවිසෙමින් ගෝල දෙකක්ම ලබාගැනීමට සමත් විය. එහෙත් තරගය ගෝල 3-2 ක් ලෙස තියුණු සටනකින් එහිදී නිමාවට පත්වූයේ නේපාලයට ජය ගෙන දෙමිනි.

 


අදහස් (1)

අපේ පරාජයට හේතුව අවාසනාවයි
  • Sugsth Wednesday, 06 October 2021 12:47 AM

    මේ වගේ අයද මේ ක්‍රීඩාවට දාගෙන සෙල්ලම් කරන්නේ...? මෙයා වෙන රටක හිටියා නම් හොඳට හිටියි...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.