Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අපි දැන්මම කලබල විය යුතු නෑ - මාවන්

අපි දැන්මම කලබල විය යුතු නෑ - මාවන්

සංජය එරමුදුගොඩ - 2014 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 10 Comment
A A A

 

එක්දින තරග 5 ක සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය ශී‍්‍ර ලංකා කණ්ඩායම වඩාත් උනන්දු විය යුත්තේ තරග ජයගැනීම පිළිබඳව නොව ලෝක කුසලාන තරගාවලියට වඩාත් සුදුසු කී‍්‍රඩකයන් තෝරා ගැනීම සම්බන්ධයෙන් බව ශී‍්‍ර ලංකා පිලේ පුහුණුකරු මාවන් අතපත්තු මහතා පවසයි. ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ (28 වැනිදා) රාති‍්‍රයේ ඉන්දියාවේ මුම්බායි බලා පිටත්ව ගියේය.

එක්දින තරග 5 කින් සමන්විත තරගාවලිය ආරම්භ වීමට පෙර මේ මස 30 වැනිදා මුම්බායිහිදී ශී‍්‍ර ලංකා කණ්ඩායම පෙරහුරු තරගයකට සහභාගි වීමට නියමිතය.

”ඉන්දීය සංචාරයක් කියන්නේ  ඕනම කණ්ඩායමකට හෝ  ඕනෑම නායකයකුට හැමදාමත් අභියෝගයක්. ඒත් මේ වෙලාවේදී මේ සංචාරය ජයගත යුතුම යයි කියමින් අපි අපවම දැඩි පීඩනයට පත්කරගැනීම ඒ තරම් හොඳ වැඩක් කියලා මම හිතන්නේ නෑ”

”අපි තේරුම්ගත යුත්තේ එක දෙයයි. අපි හැම කෙනාම හොඳ ශාරීරික යෝග්‍යතාවකින් ඉන්නවා නම් අපේ ලෝක කුසලාන කණ්ඩායම මීට වඩා වෙනස් එකක් වේවි කියන එකයි. ඒ නිසා අප හිතේ තියාගන්න  ඕනෑ (ලෝක කුසලාන තරගාවලිය දක්වා සහ ඉන් පසුව) ඉදිරියට යන කණ්ඩායමේ සාමාජිකයන් වන්නේ කවුරුන්ද කියන එකයි.....මේ සංචාරයෙන් අප සොයාගත යුතු කී‍්‍රඩකයන් කවුරුන්ද කියන එකයි” යයි මාවන් අතපත්තු වැඩිදුරත් පැවසීය.

”අප හැම තරගයක්ම කී‍්‍රඩා කරන්නේ දිනන්න බලාගෙනයි. ඒත් ඒ එක්කම ඉදිරිය ගැනත් හිතන්න වෙනවා....මේ තරගාවලියට අපි සමග කී‍්‍රඩා කරන කී‍්‍රඩකයන්ගේ හැකියාවන් මොනවාද කියන එකත් අපි හිතා බලන්න ඕනේ”

”ලෝක කුසලාන තරගාවලියට ඉස්සරවෙලා අපිට තවත් එක්දින තරග 20 ක් විතර තියෙනවා. ඒක කණ්ඩායමක් අවුරුද්දකදී කී‍්‍රඩා කරන තරග සංඛ්‍යාවට සමානයි.

ඒත් අභියෝගය වෙන්නේ නියම අවස්ථාවේදී හොඳම දස්කම් අතරට පැමිණීමයි. මොකද අපට තවත් තරග 20 ක් විතර තියෙනවා. ඒ නිසා දැන්මම  ඕනෑවට වඩා කලබල වෙන්න හොඳ නෑ”යයිද මාවන් අතපත්තු පැවසීය.

”මේ තරගාවලිය සඳහා අපේ හොඳම පන්දු යවන්නන් දෙදෙනා වන ලසිත් මාලිංග සහ රංගන හේරත් එක්වෙන්නේ නෑ. ඒත් අනෙක් අයට කරන්න පුළුවන් මොනවාද කියලා බලාගන්න ඒක හොඳ අවස්ථාවක්. පන්දු යවන්නන්ට විතරක් නෙමේ පිතිකරුවන්ටත් ඒක සාධාරණයි. කණ්ඩායම තුළ ස්ථාවරත්වයක් ගොඩනගා ගන්න සෑම කෙනකුටම මෙය හොඳ අවස්ථාවක්” යයිද ශී‍්‍ර ලංකා පුහුණුකරුවා වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් ඉන්දියාවේ පවතින තණතීරු මතදී ශී‍්‍ර ලංකා පිතිකරුවන් පන්දු යවන්නන්ට මුහුණ දෙන ආකාරය කෙසේද යන්නත් මාවන් අතපත්තු දැඩි විමසිල්ලකින් පසුවෙයි.

”කිසියම් පිතිකරුවෙක් හොඳ වේග පන්දු යවන්නකුට මුහුණ දෙනවා නම් ඔහු ඒ දේ කරන ආකාරය අපට බලාගත හැකියි. ඒත්  ඕස්ටේ‍්‍රලියාවේ සහ නවසිලන්තයේ තිබෙන තණතීරු ඉන්දියාවේ තියෙන ඒවාට වඩා බොහෝ වෙනස් වුණත් කිසියම් පිතිකරුවෙක් තමන්ගේ තාලයට කී‍්‍රඩා කරන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න අපට පුළුවන්” යයිද පැවසූ මාවන් අතපත්තු ශී‍්‍ර ලංකවේදී මේ දිනවල පවතින කාලගුණය හේතුවෙන් මුම්බායිහිදී පැවැත්වීමට නියමිත පුහුණු තරගය ඉතාමත් වැදගත් බවත් වැඩිදුරටත් පැවසීය.

මේ අතර ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පවසා සිටියේ ආරම්භක පිතිකරුවාගේ ස්ථානය පිළිබඳව තමන් වඩාත් අවදියෙන් සිටින බවයි.

”මේ තරගාවලිය වෙනුවෙන් හොඳින් සූදානම් වෙන්න අපට අවස්ථාවක් ලැබුණේ නෑ. අපට මේ තරගාවලිය වෙනුවෙන් පුහුණුවෙන්න ලැබුණේ දින 5 ක් විතරයි. මේ තරගාවලිය ඉතාමත් හදිසියේ සංවිධානය වූ දෙයක්” යයි පැවසූ මැතිව්ස්...

”අපි කුසල් පෙරේරා සහ උපුල් තරංග දෙස අවධානයෙන් බලා සිටිනවා. අපේ උත්සාහය (ආරම්භක පිතිකරුවා සඳහා) නිසි සම්බන්ධය කුමක්ද කියා සොයාගන්නයි. ඇරත් මේ කණ්ඩායමේ තරුණ කී‍්‍රඩකයන් කිහිප දෙනකුත් සිටිනවා. ඒ නිසා අපි ඔවුන්ට හැකිතරම් අවස්ථාව දෙනවා” යයිද මැතිව්ස් පැවසීය.

 


අදහස් (10)

අපි දැන්මම කලබල විය යුතු නෑ - මාවන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.