Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අන්තර්ජාතික මලල ක්‍රීඩා තරගාවලි 18 ක් ලබන වසරේදී

අන්තර්ජාතික මලල ක්‍රීඩා තරගාවලි 18 ක් ලබන වසරේදී

editorial - 2021 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

ලොව ප්‍රධානතම ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගමාලා රැසක්ම යෙදී තිබෙන 2022 වසර ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවට අතිශයින්ම කාර්යබහුල වසරක් බවට පත්ව තිබේ. වසර 2022 දී ශත සංවත්සරය සැමරීමට සූදානම්ව සිටින ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය මේ වනවිට සකස් කර තිබෙන 2022 තරග දින දසුනට අනුව අන්තර් ජාතික මලල ක්‍රීඩා තරගාවලි 18 කට සහභාගිවීමේ අපේක්‍ෂාවෙන් පසුවේ.

වසර 2022 මාර්තු මාසයේ සිට ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා උද්ගතවූ ගෝලීය කොවිඩ් වසංගතය පසුගිය වසර දෙකකට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරග සහභාගීත්වයද අඩපණ කර සිටියේය. ඒ එම බොහෝ තරග අත්හැර දැමීමට හෝ කල් දැමීමට සිදුවීමයි.  කෙසේ වුවත් ආසියානු ක්‍රීඩා උළෙල, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය, ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය, ගෘහස්ථ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය යන ලොව ප්‍රමුඛතම අන්තර් ජාතික මලල ක්‍රීඩා තරග මාලා රැසක්ම 2022 වසරට යෙදී තිබේ.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිල දත්ත සටහන්කරු, ජාතික මලල ක්‍රීඩා තේරීමේ කමිටුවේ හිටපු සභාපති සමන් කුමාර ගුණවර්ධන මහතා පවසන්නේ දැනට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය සැළසුම් කර තිබෙන ජාත්‍යන්තර තරගාවලි හැරෙන්නට තවත් විවෘත ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලි කීපයක් සඳහාම ආරාධනා ලැබීමට නියමිත බවයි. වසර 2022 දී ජාත්‍යන්තර මැරතන් තරග, රට හරහා දිවීමේ තරග, ඇවිදීම හා අර්ධ මැරතන් තරගාවලි ගණනාවකටද ශ්‍රී ලංකාව සහභාගීවීමට අපේක්‍ෂාවෙන් පසුවේ.

2022 වසර සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය දේශීය මලල ක්‍රීඩා තරගාවලි හා තේරීම් තරගාවලි ගණනාවක්ද සැළසුම් කර තිබේ. ඒ අතර 100 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය වසර 2022 ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් තේරීම් තරගාවලි ලෙසද යොදා ගනිමින් ලබන අප්‍රේල් 8 – 9 – 10 යන දිනවල කොළඹ සුගතදාස පිටියේදී පැවැත්වීමට දැන් සැළසුම් කර තිබේ.

 
2022 දී ශ්‍රී ලංකාව සහභාගි වීමට අපේක්‍ෂාවෙන් සිටින අන්තර් ජාතික මලල ක්‍රීඩා තරග මාලා

● බංග්ලාදේශ ජාත්‍යන්තර මැරතන් තරගාවලිය – පෙබරවාරි 12 ඩැකා නුවරදී
● 10 වැනි ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලිය – පෙබරවාරි 11 – 12 – 13 කසකස්තානයේ නුර් - සුල්තාන් නගරයේදී
● දකුණු ආසියානු රට හරහා දිවීමේ ශූරතා තරගාවලිය – පෙබරවාරි අගදී ඉන්දියාවේදී
● සිව්වැනි ආසියානු යොවුන් (වයස 18 න් පහළ) මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය මාර්තු 1 සිට 4 වැනිදා දක්වා කුවේටයේදී
● හයවැනි ආසියානු ගෘහස්ථ ක්‍රීඩා තරග මාලාව – මාර්තු 10 සිට 19 වැනිදා දක්වා තායිලන්තයේදී
● 16 වැනි ආසියානු ‘රට හරහා’ දිවීමේ ශූරතාවලිය – මාර්තු 12 – නේපාලයේ කත්මන්ඩු නුවරදී
● ලෝක මලල ක්‍රීඩා ගෘහස්ථ තරගාවලිය – මාර්තු 18 සිට 20 වැනිදා දක්වා සර්බියාවේ බෙල්ග්‍රේඩ් නුවරදී
● ආසියානු ඇවිදීමේ ශූරතා තරගාවලිය – මාර්තු 20 – ජපානයේ ‘නෝමි’ නගරයේදී
● ආසියනු ගෝන් ප්‍රී තරග මාලාව හා සහය දිවීමේ තරගාවලිය –  තායිලන්තයේදී
● දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය – මැයි 19 – 20 - කොළඹදී
● තායිවාන් විවෘත මලල ක්‍රීඩා තරගාවලිය – මැයි 28 – 29 ‘තායිපේ’ නුවරදී
● 20 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය – ජුනි 16 සිට 19 වැනිදා දක්වා දකුණු කොරියාවේ ටෙචිඩන් - ගුන් නුවරදී
● 18 වැනි ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය – ජූලි 15 සිට 24 වැනිදා දක්වා ඇමරිකාවේ ‘එයුජින්’ නගරයේදී
● පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල - අගෝස්තු 2 සිට 7 වැනිදා දක්වා එංගලන්තයේ බර්මින්හැම් නුවරදී
● 19 වැනි ලෝක කනිෂ්ඨ මල ක්‍රීඩා ශූරතාවලිය – අගෝස්තු 02 සිට 7 වැනිදා දක්වා කොලොම්බියාවේ ‘කේලි’ නුවරදී
● 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙල - සැප්තැම්බර් 16 සිට 22 වැනිදා දක්වා චීනයේ ‘හැන්ග්සුයු’ නුවරදී
● ආසියානු අර්ධ මැරතන් තරගාවලිය – ඔක්තෝබර් මාසයේ තායිලන්තයේදී
● ආසියානු විසි කිරීමේ ඉසව් ශූරතා තරගාවලිය – සැප්තැම්බර් මාසයේදී දකුණු කොරියාවේ මොක්ෆෝ නුවරදී

 


අදහස් (0)

අන්තර්ජාතික මලල ක්‍රීඩා තරගාවලි 18 ක් ලබන වසරේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.