අන්තර්ජාතික ටෙස්ට් ශ්‍රේණිගත ලයිස්තුවේ නවසීලන්තය - ඕස්ට්‍රේලියාව කරට කර
බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව තරග 2-0 ක ටෙස්ට් තරගාවලි ජයක් ලැබූ නවසීලන්තය ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අතරේ ප්‍රසාද ලකුණු 116 ක් ලබාගනිමින් ඕස්ට්‍රේලියාව සමගින් කරට කර සිටින්නේය. කණ්ඩායම් දෙකම සම ප්‍රසාද ලකුණු ලබාසිටියද ඕස්ට්‍රේලියාව (116.461) නවසීලන්තයට (116.375) වඩා ඇගයිම් ලකුණු 0.86 ක් ඉදිරියෙන් සිටීම නිසා ඔවුන්ට කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හී පෙරමුණ හිමිවී ඇත.
ඉන්දියාවට එරෙහිව තරග 4 කින් යුත් ටෙස්ට් තරගමාලාවක් දෙසැම්බර් 17 වනදා සිට ආරම්භවන බැවින් ඕස්ට්‍රේලියාවට තම පළමු ස්ථානය ශක්තිමත් කර ගැනීමේ අවස්ථාව තිබේ.
නවසීලන්තය දෙසැම්බර් 26 වැනිදා සිට පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරග දෙකකට ක්‍රීඩා කිරීමට නියමිතව ඇත. මින් පෙර නවසීලන්තය කිසි විටෙකත් අංක එකේ ටෙස්ට් කණ්ඩායම නොවූ අතර ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම පෙරළා දැමුවහොත් ඔවුන් ඉතිහාසගත වනු ඇත.
කොදෙව් පිලට එරෙහිව ලබාගත් ජයග්‍රහණ හේතුවෙන් ලෝක ටෙස්ට් ශූරතාවලියේදී 0.625 % ක ජයග්‍රහණ ප්‍රතිශතයක් ලබාගත් නවසීලන්තය තෙවැනි ස්ථානයේ පසුවන්නේය. 0.822 % ක ජයග්‍රහණ ප්‍රතිශතයක් ලබාගත් ඕස්ට්‍රේලියාව පෙරමුණ ගැනීමට සමත්වී ඇති අතර 0.750 % ක ජයග්‍රහණ ප්‍රතිශතයක් ලබාගත් ඉන්දියාව දෙවැනි ස්ථානයේ පසුවන්නේය.
වෙලින්ටන් ටෙස්ට් තරගයේදී කේන් විලියම්සන් වෙනුවට නායකත්වය දැරූ ටොම් ලේතම් ටෙස්ට් තරගමාලාවෙන් උපරිම ලකුණු ලබා ගැනීමට සමත්විම ගැන සතුටට පත්විය.
“ලෝක ටෙස්ට් ශූරතාවලිය දෙස බලන විට, මෙම ටෙස්ට් තරගමාලාවෙන් සම්පූර්ණ ලකුණු ලබා ගැනීම සතුටක්.... ටෙස්ට් ශේණිගත කිරීම්වල අංක 1 ට පත්වීම පසුගිය වසර කිහිපය තුළ අපේ හාදයෝ ටික වෙහෙස මහන්සියෙන් කරනලද දේවල අතුරු ඵලයක්”
“තවත් තරගාවලියක් එනවා, ඒ නිසා අපේ අවධානය ඒ දෙසට යොමු විය යුතුයි,” යැයි ටොම් ලේතම් තරගාවලිය අවසානයේදී පැවසීය.
- 2079