Last Update  :  2024-03-29 14:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අධිවේගී පාපැදි සවාරියේ ජය පසිඳුට
අධිවේගී මාර්ග පාපැදි සවාරිය

අධිවේගී පාපැදි සවාරියේ ජය පසිඳුට

editorial - 2022 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

අධිවේගී මාර්ග පාපැදි සවාරියේ සුපිරි රේසින් පිරිමි තරගයේ ජය පළපුරුදු  තරගකරුවකු වන නිරාන් පසිඳුට හිමිවිය. කිලෝමීටර 80ක ධාවනය ගෙවා දැමීමට ඔහුට ගතවූ කාලය පැය 1 විනාඩි 51 තත්පර 35කි.

මීරිගම - කුරුණෑගල අධිවේගී මාර්ගය විවෘත කිරීම නිමිත්තෙන් එහිදී අද (14) පැවැති පාපැදි තරගමාලාව යටතේ එම දුරෙන්ම පැවැති සුපිරි කාන්තා තරගයේ ජය හිමි වූයේ නිමේෂා දිල්රුක්ෂිටය.

එහි විශේෂත්වය ඇය මෙන්ම දෙවැනි ස්ථානයට පත් ඉමල්කා චමෝදනි ජාතික මට්ටමේ කාන්තා පාපැදි තරගයකදී මුල් පෙළේ ස්ථාන දිනාගත් පළමු අවස්ථාව එය වීමයි.

කිලෝ මීටර් 80 ක සමාන දුරකින්ම පැවැති කනිෂ්ඨ පිරිමි තරගය ජයගත් තරංග ප්‍රනාන්දුට ඒ සඳහා සුපිරි - පිරිමි  තරගය ජයගත් තරගකරුවාට වඩා විනාඩි 18ක මඳක් වැඩි කාලයක් ගතවිය.
ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති එච්.එල්. ක්‍රිෂාන්ත මහතා ‘ලංකාදීප’යට පැවසුවේ තරගකරුවන්ට පෙර සූදානම් වීම සඳහා ලැබුණේ දින කිපයක් පමණක් වුවත් සුපිරි පිරිමි තරගයේදී තරගකරුවන් කිලෝමීටර්  42ක සාමාන්‍ය වේගයක් රඳවා ගැනීමට සමත්ව තිබෙන බවයි.

සුපිරි කාන්තා තරගයේදී  එම වේගය කිලෝමීටර් 30.5 ක අගයක් ගත්තේය. මීරිගම - කුරුණෑගල කිලෝමීටර් 41.8ක් වන අධිවේගී මාර්ගයේදී මෙම තරගමාලාව  නරඹන්නන්ට විවෘත කරමින් පැවැත්විණි.

එහිදී නරඹන්නියක් මාර්ගයේ මැදට පිවිසීමට දැරූ උත්සාහයකදී තරගකරුවකුගේ ඇඟේ හැපීමෙන් එම තරගකරුවාට මෙන්ම නරඹන්නියටද සුළු තුවාල සිදුවූ බව වාර්තාවේ.

කෙසේ වුවත් තවත් සුළු අනතුරු සිදුවීමකදී කනිෂ්ඨ  ඉසව්වේ තරගකරුවකු තරගයට සහභාගි වෙමින් සිටින අතර මාර්ගයේ ඇද වැටීමෙන් පසුව තුවාල ලැබීය.

මහා මාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ අදහසකට අනුව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ මෙහෙයවීමෙන් මෙම පාපැදි තරගමාලාව සංවිධානය විය.

පැවති ජාතික පාපැදි ශූරතා තරගාවලියේදී සුපිරි කාන්තා ඉසව්ව ජයගත් ෂාලිකා  දිල්හානිට මෙම තරගයේදී (සුපිරි කාන්තා) අත්වූයේ පස්වැනි ස්ථානයයි.

එහිදී වයස 23න් පහළ පිරිමි ඉසව්ව ජයගත් ෂෙනාල් චාමෝද් ද සිල්වාට ඊයේ පැවැති සුපිරි පිරිමි තරගයේදී හිමි වූයේ සිවු වැනි ස්ථානයයි. ජාතික තරගාවලියේදී සුපිරි පිරිමි තරගය ජය ගත් චතුර මධුෂාන් ද සිල්වාට අද තරගයේදී  මුල්පෙළේ ස්ථානයක් හිමි නොවීය.


අධිවේගී මාර්ග පාපැදි සවාරියේ ප්‍රතිඵල

• සුපිරි හා වයස 23න් පහළ ( පිරිමි- කිලෝමීටර 80)
1. නිරාන් පසිඳු (යුද හමුදා - පැය 1විනාඩි 51තත්පර 35)
2. සන්ජු දීමන්ත (ගුවන් හමුදාව-1.51.35)
3. චාමික සඳුන් කුමාර (ෆන්වී රේසින් -1.51.35)
4 .ෂෙනාල් චමෝද් සිල්වා (වරාය අධිකාරිය-1.51.35)
5. මධුෂ අකේෂ් (යුද හමුදාව-1.51.35)
6. ජීවන් ජයසිංහ (ගුවන් හමුදාව-1.51.35)
7. රන්දික රණසිංහ (යුද හමුදාව-1.51.35)
8. සුපුන් ප්‍රදීප් කුමාර (යුද හමුදාව 1.51.35)
9. අවිශ්ක  මැඩොන්සා (යුද  හමුදාව- 1.51.35)
10. පසිඳු ලක්ෂාන් (නාවික හමුදාව -1.51.35)


• සුපිරි කාන්තා (කිලෝමීටර 80)
1. නිමේෂා දිල්රුක්ෂි (යුද හමුදාව-පැය 2විනාඩි 37තත්පර 34)
2. ඉමල්කා චමෝදිනි (ගුවන් හමුදාව-2.37.34)
3. මධුමාලි ප්‍රනාන්දු (යුද හමුදාව-2.45.39)
4. සුදාරිකා ප්‍රියදර්ශනී (ගුවන් හමුදාව 2.46.39)
5. ෂාලිකා දිල්හානි (යුද හමුදාව-2.46.39)
6. ඈන් ෂෙනාලි (කිරිබත්ගොඩ ද ෆ්‍රෙන්ඩ්ස්-2.46.39)
7. ආකාෂා සඳමිණි (යුද හමුදාව-2.46.41)
8. නිලුකා ශ්‍යාමලී (සී.එස්.සී - 2.46.41.)
9. උදේෂනි කුමාරසිංහ (යුද හමුදාව-2.46.41)
10  එච්.එම්.ඩී.එස්. හේරත් (යුද හමුදාව-2.46.41)


• කනිෂ්ඨ(පිරිමි කිලෝමීටර 80)
1. තරංග ප්‍රනාන්දු (ගෝල්ඩන් පා.ස - පැය 2 විනාඩි 09 තත්පර 01)
2. එල්.ඩී. කාවින්ත (ෆන් වී රේසින් - 2.09.01)
3. උදිත රුමේෂ් (කදිරාන පා.ස.-2.09.01)
4. රුවන් ශ්‍රී බණ්ඩාර (ස්ටැපනල් ෆිලිෆෝ 02.09.01)
5. සචිත් උමේස් (කදිරාන පා.ස- 2.09.01)
6. චමත් අභිෂේක් (ඉන්ඩිපෙන්ඩන් පා.ස.- 2.09.01)
7. මීමනගේ පෙරේරා (වින්ග් වීල්- 2.09.11)
8. සංගීත් ප්‍රියශාන් (කඳාන ෆ්‍රීඩම්-2.14.26)
9. ෂෙකාම් හෙවාන් (ස්පීඩ් ඇරොස්-2.14.26)
10. ජනක රවින්ද්‍ර (වෙනුපුර ස්පීඩ්-2.34.26)


අදහස් (0)

අධිවේගී පාපැදි සවාරියේ ජය පසිඳුට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.