Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
එංගලන්ත සංචාරයට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 සහ එක්දින තරගාවලියට සහභාගි වන්නේ නම් ඒ සඳහා වන සංචාර කොන්ත්‍රාත්තුවට අද (6 වැනිදා) රාත්‍රී 8.00 ට පෙර අත්සන් කළ යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි. එම වේලාවට කලින් ගිවිසුම අත්සන් නොකරන ක්‍රීඩකයන් ඉන්දීය පිලට එරෙහිව පැවැත්වෙන තරගාවලිය සඳහා සලකා නොබැලෙනු ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු රැස්වීම හෙට (7 වැනිදා) පැවැත්වෙන බැවින්, එංගලන්ත සංචාරයට ගිය ක්‍රීඩකයන් ඉන්දීය පිලට හමුවට යවනවාද නැද්ද යන අවසන් තීරණය ගැනීම සඳහා ක්‍රීඩකයන්ට මෙම කඩයිම් වේලාව දී තිබේ.
එංගලන්ත සංචාරයට ක්‍රීඩකයන් 24 දෙනකු සහභාගි වූ නමුත් විනය කඩකිරීම හේතුවෙන් නැවතත් ශ්‍රී ලංකාවට එවන ලද ක්‍රීඩකයන් තිදෙනා වන කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක තිදෙනා ඉන්දීය සංචාරය සඳහා සලකා බලනු නොලැබේ.
එංගලන්තයට ගිය ක්‍රීඩකයන් අද දහවල් 1.00 ට ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔවුන් දින 8 ක් නිරෝධායනය විය යුතුව තිබේ. එහෙත් දින 3 කට පසුව ක්‍රීඩකයන්ට පුහුණුවීමට අවසර ලැබෙන අතර 13 වැනිදා පැවැත්වෙන පළමු එක්දින තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ක්‍රීඩකයන්ට ඇත.
කිසියම් හෙයකින් එංගලන්තයට ගිය ක්‍රීඩකයන් මෙම ගිවිසුමට අත්සන් නොකළහොත් මේ වන විට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් කරමින් සිටින 14 දෙනාගේ සංචිතයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.