Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අංක 7 බැනියම රොනාල්ඩෝටම

අංක 7 බැනියම රොනාල්ඩෝටම

editorial - 2021 සැප් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නැවතත් තම පැරණි ක්‍රීඩා සමාජය සමග එක්වූ ඉදිරිපෙළ ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ, ඉදිරි තරගවලදී ඔහුගේ පැරණි අංකය වන අංක 7 සහිත බැනියම පැළැඳ ක්‍රීඩා කරනු ඇතැයි මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජය නිවේදනය කරයි.

මින් පෙර මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ අවධියේදීද රොනාල්ඩෝ භාවිතා කළ අංකය 7 විය. මෙවරද ඔහුට එම අංකය ලබාදීමට ක්‍රීඩා සමාජය පියවර ගැනීමත් සමග මෙතෙක් අංක 7 භාවිතා කළ උරු‍ගුවේ ක්‍රීඩක එඩින්සන් කැවානිට අංක 21 ට මාරු වීමට සිදුවිය.

“අංක හතේ බැනියම නැවත ලබාගැනීමට හැකි වේවි කියාලා මම කීයටවත් හිතුවේ නැහැ.‍ ඒ නිසා මේ පරිත්‍යාගය සම්බන්ධයෙන් මම එඩිට හුඟක් ස්තූති වන්ත වෙනවා.” යැයි 36 හැවිරිදි රොනාල්ඩෝ පැවසීය.

ඉකුත් සතියේ අඟහරුවාදායින් අවසන් වූ ක්‍රීඩක හුවමාරුවේදී ඉතාලියේ ජුවෙන්ටස් ක්‍රීඩා සමාජයේ සිට එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජය වෙත මාරු වූ රොනල්ඩෝ, මේ වන විට නිරෝධායනය වෙමින් සිටින අතර එය අවසන් වූ වහාම නැවතත් ඔහු පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතය‍.

අඟහරුවාදා වන විට රොනාල්ඩෝගේ මාරුවීම ස්ථිර වුවද, බ්‍රහස්පතින්දා යළිත් සිය ජාතික කණ්ඩායම වන පෘතුගාල කණ්ඩායමට ක්‍රීඩා කිරීම සඳහා ඔහුව නිදහස් කිරීමට මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජයට සිදුවිය.

පාපන්දු ලෝක කුසලාන තරගාවලිට සුදුසුකම් ලබාගැනීමේ තරගයක් ලෙස අයර්ලන්තයට එරෙහිව පැවැති තරගයේදී ගෝල 2 ක් ලබාගනිමින් ලොව වැඩිම ජාත්‍යන්තර ගෝල සංඛ්‍යාවකට හිමිකම් කියන ක්‍රීඩකයා ලෙස වාර්තාවක් පිහිටුවීමටද රොනාල්ඩෝ සමත් විය.

එහිදී සිය 110 වැනි සහ 111 වැනි ගෝල වාර්තා කරමින් රොනාල්ඩෝ බිඳහෙළුවේ ඉරාන ජාතික අලි ඩෙයි විසින් ජාත්‍යන්තර ගෝල 109 ක් වාර්තා කරමින් ‍1993 සිට 2006 දක්වා වසර 13 ක් තුළ පිහිටුවනු ලැබ තිබූ වාර්තාවය.

 

-036 


අදහස් (0)

අංක 7 බැනියම රොනාල්ඩෝටම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.