Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story 50ක් අතුරින් ටෙහානි 49 වැනි තැනට

50ක් අතුරින් ටෙහානි 49 වැනි තැනට

editorial - 2021 ජුලි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග කළ පළමු ක්‍රීඩිකාව වන ටෙහානි එගොඩවෙල මීටර 10 වායු රයිෆල් ඉසව්වේදී ක්‍රීඩිකාවන් 50 දෙනකු අතුරින් 49 වැනි ස්ථානය ලබාගත්තාය. මීටර 10 වායු රයිෆල් ඉසව්වෙන් තරග කළ ඇය ලබාගත් ලකුණු සංඛ්‍යාව වූයේ 611.5 කි.

ටෙහානි එගොඩවෙල ගත් උත්සාහයන් 6 කදී ඇයගේ ලකුණු ලබාගැනීම් සටහන් වූයේ 102.9 / 103.8 / 100.9 / 102.3 /100.8 සහ 100.8 ක් ලෙසිනි.

මීටර 100 වායු රයිෆල් ඉසව්වේ මූලික වටය සඳහා ක්‍රීඩිකාවන් 50 දෙනකු සහභාගි වූ අතර අවසන් වටය සඳහා ක්‍රීඩිකාවන් 8 දෙනකු තෝරා ගන්නා ලදි. සුදුකම් ලද ක්‍රීඩිකාවන් 8 දෙනාගෙන් වැඩිම ලකුණු (632.9) ලබාගත් නෝර්වේ ක්‍රීඩිකා ජැනට් හේග් ක්‍රීඩිකාවන් අතර පෙරමුණ ගත්තේ ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ වාර්තාවක්ද පිහිටුවමිනි.

මූලික වටයෙදී 8 වැනි ස්ථානය ලබාගනිමින් අවසන් වටයට සුදුසුකම් ලබාගත් අවසන් ක්‍රීඩිකාව වූ රුසියාවේ ගැලෂිනා ඇනස්ටාසියා මූලික වටයේදී ලකුණු 628.5 ක් ලබාගත්තාය.

 

- 213


අදහස් (0)

50ක් අතුරින් ටෙහානි 49 වැනි තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.