බංග්ලාදේශයේ ඩකා නගරයේදී පැවැත්වෙන දකුණු ආසියානු 3X3 පැසිපන්දු තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා (13 වැනිදා) උදෑසන දිවයිනෙන් පිටත් ගියේය. තරගාවලිය ඊයේ (14 වැනිදා) ආරම්භවූ අතර එය මේ මස 17 වැනිදා දක්වා පැවැත්වෙයි.
ප‍්‍රවීන පැසිපන්දු කී‍්‍රඩකයකු වන රොෂාන් රන්දිම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරණ අතර මිතිල අබේසේකර, සුදේෂ් අහමඞ්, සමීර චානක කණ්ඩායමේ අනෙක් සාමාජිකයෝ වෙති.
දකුණු ආසියානු පැසිපන්දු සංගමය නියෝජනය කරන කණ්ඩායම් මෙම තරගාවලියට සහභාගීවන අතර ශ්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශය, භූතානය, මාලදිවයින, නේපාලය සහ ඉන්දියාවද ඒ අතර වෙති.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.