Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සඳහා වාර්ෂිකව පිරිනමනු ලබන කොන්ත්‍රාත්තුව සම්බන්ධ ගිවිසුමට අත්සන් කිරීම එංගලන්ත සංචාරයට පෙර කළ නොහැකි බව ක්‍රීඩකයෝ 38 දෙනෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිඛිතව දැනුම් දී තිබේ. එම ක්‍රීඩකයන් 38 දෙනා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයකු මාර්ගයෙන් එම දැනුම් දීම කර තිබේ.
වාර්ෂික ගිවිසුම සකස්කර තිබෙන ආකාරය විනිවිද භාවයකින් තොර යයිද, ඒ සඳහා ශ්‍රේණිගත කරන ලද ක්‍රීඩකයන් 24 දෙනාට අමතරව තවත් අය අසාධාරණයට ලක්වී ඇතැයිද කියමින් ඔව්හු නව ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරමින් සිටිති.
වාර්ෂික ගිවිසුම පමණක් නොව, එංගලන්ත සංචාරය සඳහා අදාළ වන සංචාර ගිවිසුම අත්සන් කිරීමත් ක්‍රීඩකයෝ ප්‍රතික්ෂේප කරති. එබැවින් තවත් දින දෙකකින් ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය විශාල අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ.
ක්‍රීඩකයන් වෙනුවෙන් නිකුත් කරන ලද නිවේදනයේ මෙසේ සටහන් වෙයි.
“ක්‍රීඩකයන් විශේෂයෙන් පෙන්වාදෙන්නේ දක්ෂතා සහ ශාරීරික යෝග්‍යතාවය මත පමණක් පදනම් වූ ගිවිසුම් සඳහා ක්‍රීඩකයන් සපුරා එකඟ බවත්, කෙසේ නමුත් දැනට ඉදිරිපත් කර ඇති ආකාරයේ කිසිදු විනිවිදභාවයකින් තොරව, දක්ෂතා හා ශාරීරික යෝග්‍යතාවය හැර, වෙනත් තාත්වික නොවන පදනම් විරහිත කරුණු මත ක්‍රිකට් ක්‍රීිඩකයින් වර්ගීකරණය කරන ආකාරගේ ගිවිසුම් වලට ක්‍රිඩකයින් විරුද්ධ බවයි”
“තවද සංචාර ගිවිසුම 2021 වාර්ෂික ගිවිසුමේ සඳහන් කරුණු කාරණා මත රදා පැවැත්වීමට උත්සහ කරන බැවින් එකී වාර්ෂික ගිවිසුම මේ වනවිටත් සමතයකට පත්ව නොමැති අවස්ථාවක, ඒ ගිවිසුම පිළිබඳ සංචාර ගිවිසුමෙහි ද සඳහන් වන බැවින්, සංචාර ගිවිසුමේ වලංගුතාවය ගැනද ප්‍රශ්නයක් පැන නැඟේ. එනිසා ඉදිරියේ පැවැත්වීමට නියමිත එංගලන්ත සංචාරය සඳහා තෝරාගෙන ඇති එක්දින සහ විස්සයි-20 සංචිතයේ ක්‍රීඩකයින් ද එම සංචාර ගිවිසුම් අත්සන් කිරීමෙන් වැළකී සිටීමටත් ඉදිරියේදී කිසිදු සංචාර ගිවිසුමකට ඇතුළත් නොවීමටත් තීරණය කර ඇත”
“එම එංගලන්ත සංචාරය සඳහා තෝරා නොගත් ක්‍රීඩකයන් ද ඊට පසුව එළඹෙන කුමන හෝ ක්‍රිකට් සංචාරයකට අදාල වන සංචාර ගිවිසුම්වලට ද අත්සන් නොකිරීමට තීරණය කර ඇත.”
“මීට අමතරව, මීට පෙර වර්ෂ වල දක්ෂතා දක්වා ඇති, එහෙත් වාර්ෂික ගිවිසුම් ලබා නොදුන් ක්‍රීඩකයන් පිළිබඳවද සලකා බලා සාධාරණයක් ඉෂ්ඨ කරන තෙක් සාමූහිකව මෙම ගිවිසුම්වලට අත්සන් නොතැබීමට ද ක්‍රීඩකයන් තීරණය කර ඇති බව ප්‍රකාශ කර සිටියි” යයි ක්‍රීඩකයන් 38 දෙනා වෙනුවෙන් පෙනී සිටින බව කියන නීතිඥ සිඩ්නි ප්‍රේමතිරත්න මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයකින් කියැවේ.
නීතිඥ සිඩ්නි ප්‍රේමතිරත්න මහතා විසින් එවන ලද මෙම නිවේදනය ලිපි ශීර්ෂයකින් තොරව නිකුත් කරන ලද්දක් වන අතර එය නීතිඥ ප්‍රේමතිරත්න මහතාගේ හෝ ක්‍රීඩකයන්ගේ අත්සන් වලින් ද තොරය.
වාර්ෂික හෝ සංචාර ගිවිසුම් අත්සන් කිරීමට තමන් එකඟ නොවූවද ඉදිරි එංගලන්ත සංචාරය මෙන්ම අනෙකුත් සංචාර සඳහා ක්‍රීඩා කිරීමට තමන් සූදානම්ව සිටින බවත් එම නිවේදනයේ කියැවේ. එමෙන්ම ගිවිසුම් අත්සන් නොකළ පදනම මත ක්‍රීඩකයන්ට වැටුප් ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කළ විටෙක වුවද, ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට එය බාධාවන් නොවන බවත්, රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම ක්‍රීඩකයන්ගේ පළමු සහ එකම අභිප්‍රාය බවත් ක්‍රීඩකයෝ කියති.
කෙසේ වෙතත් උදාවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස්ම නිලධාරියකු කියා සිටියේ කිසිම හේතුවක් මත එංගලන්ත සංචාරය අවලංගු නොකරන බවයි.
“සංචාරය යනවා මයි. මේ වෙලාවේ, ලෝකය මුහුණ දීලා තියෙන තත්ත්වය අනුව, එංගලන්තය එක්ක සෙල්ලම් කරන්න බෑ. ක්‍රීඩකයන්ට දැන් තියන සංචාර ගිවිසුමට අත්සන් කරන්න බැරි නම්, ඒ වෙනුවට වෙනත් සංචාර ගිවිසුමක් අත්සන් කරලා හරි, එංගලන්තයට යන්න ඕනේ... පස්සේ අනෙක් ප්‍රශ්න විසඳගම්මු” යයිද හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය.
ශ්‍රී ලංකා කණ්ඩායම අඟහරුවාදා (8 වැනිදා) රාත්‍රියේ එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතය.
වාර්ෂික ගිවිසුම සහ සංචාර ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරන ක්‍රීඩකයෝ
කුසල් ජනිත් පෙරේරා, දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, දසුන් ශානක, වනිඳු හසරංග, ලසිත් ඇඹුල්දෙණිය, පැතුම් නිස්සංක, ළහිරු තිරිමාන්න, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, ඉසුරු උදාන, ඕෂධ ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, ළහිරු කුමාර, ධනුෂ්ක ගුණතිලක, අශේන් බණ්ඩාර, අකිල ධනංජය, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු, ශිරාන් ප්‍රනාන්දු, අවිශ්ක ප්‍රනාන්දු, ඉෂාන් ජයරත්න, චරිත් අසලංක, ධනංජය ලක්ෂාන්, නුවන් ප්‍රදීප්, සධීර සමරවික්‍රම, කමිල් මිෂාර, ප්‍රවීන් ජයවික්‍රම, රොෂේන් සිල්වා සහ මිනෝද් භානුක
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.