Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story 23 න් පහළ පාපන්දු පිල 12 දා කටාරයට

23 න් පහළ පාපන්දු පිල 12 දා කටාරයට

editorial - 2021 ඔක් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ආසියානු පාපන්දු සම්මේලනයේ වයස 23 න් පහළ සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 12 වැනිදා කටාර් රාජ්‍යයේ දෝහා නුවර බලා පිටත්ව යයි. සුදුසුකම් ලැබීමේ තරගාවලිය මේ මස 25 වැනිදා සිට 31 වැනිදා දක්වා කටාරයේ දෝහා නුවරදී පැවැත්වේ. 

තරගාවලිය 25 වැනිදා ආරම්භ වන නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම සති දෙකකට පෙර කටාර් රාජ්‍යය බලා යන්නේ එහිදී පුහුණුවීම් කිරීමේ අරමුණ ඇතිවය.  ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා සහ කටාර් පාපන්දු නිලධාරීන් අතර පැවැති සාකච්ඡා වලින් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට කටාරයේදී පුහුණුවීම් කිරීමේ අවස්ථාව ලබාදීමට ඔවුන් එකඟ වී තිබේ. 

ශ්‍රී ලංකා වයස 23 න් පහළ පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් මොහොමඞ් අමනුල්ලා මහතා පත්කර තිබේ. 
සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා පිලට සිරියාව, කටාර් සහ යේමනයට එරෙහිව තරග කිරීමට සිදුවෙයි. 

තරග කාලසටහන 

ඔක් 25 - ශ්‍රී ලංකාව සහ සිරියාව අතර තරගය
ඔක් 28 - ශ්‍රී ලංකාව සහ කටාරය අතර තරගය
ඔක් 31  - ශ්‍රී ලංකාව සහ යේමනය අතර තරගය

ශ්‍රී ලංකා 23 න් පහළ පාපන්දු සංචිතය 

ශෙනාල් සන්දේෂ්, ඩැනියෙල් මැග්‍රාත් ගෝමස්, මොහොමඞ් අකීබ්, අබ්දුල් බාසිත්, ෂබීර් රසෝනියා, මොහම්මද් ෂකීර්, රිෆ්කාන් මොහොමඞ්, නුවන් ගිම්හාන, සසංග දිල්හාර, බ්‍රයන් වීරප්පුලි, බදුර්දීන් තස්ලිම්, චතුරංග ප්‍රනාන්දු, රුමේෂ් මෙන්ඩිස්, ලක්ෂාන් ධනංජය, කවීන් සුචරිත්, මරියනේසන් පිරසනත්, මොහොමද් මුර්ෂිඞ්, වරදරාජා ජැක්සන්, මොහොමද් මුසිෆයර්, මොහොමඞ් සාජිඞ්, මොහොමඞ් අමාන්, රාසා රූමි, අසේල මධුෂාන්, අවිශ්ක දේශාන්, උදයංග පෙරේරා, මොහොමඞ් කුර්සිත්, ධනංජය ද සිල්වා, අවිශ්ක කාවින්ද, සිසාන් ප්‍රබුද්ධ, හෂික නවෝද, පැතුම් විමුක්ති, කානන් තෙරුෂාන් සහ යුවරාසා තනුසාන්


අදහස් (0)

23 න් පහළ පාපන්දු පිල 12 දා කටාරයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.