Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් නිකුත් කරන ලද ඉදිරි වසර 10 ක ලෝක කුසලාන තරගාවලි සැලැස්ම අනුව වසර 2026 දී විස්සයි-20 ලෝක කුසලාන තරග කිහිපයක් ශී‍්‍ර ලංකාවේදී පැවැත්වේ. 2026 වි-20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් සම සත්කාරය දැරීමේ අවස්ථාව ශී‍්‍ර ලංකාවට හිමිවී තිබේ. ඒ ඉන්දියාව සමගින් එක්ව සංවිධානය කරන තරගාවලියක් ලෙසිනි.
කුමන ආකාරයේ හෝ ලෝක කුසලාන තරග කිහිපයක සත්කාරකත්වය දැරීමේ අවස්ථාව ශී‍්‍ර ලංකාවට ලැබෙන්නේ වසර 14 කට පසුවය. අවසන් වරට ශී‍්‍ර ලංකාවේදී පැවැති ලෝක කුසලාන තරගාවලිය වූයේ 2012 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියයි.
කෙසේ වෙතත් මෙම කාලසටහන නිකුත්කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ (පිරිමි) කණ්ඩායම් වෙනුවෙනි. කාන්තා ලෝක කුසලාන තරගාවලි සහ යොවුන් ලෝක කුසලාන තරගාවලි මෙම කාලසටහනට අයත් නොවේ.
ඉදිරි වසර 10 ක කාලය සඳහා අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ නිල තරගාවලි සැලැස්ම අනුව මේ වසරේ සිට 2031 වසර දක්වා සෑම වසරකදීම කුමක් හෝ ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වෙනු ඇත. මෙම තරග සැලැස්මේ විශේෂත්වය වන්නේ වසර 10 ක කාලයක් තුළදී කුමන ආකාරයේ හෝ ලෝක කුසලාන තරගාවලියක් වෙනුවෙන් සත්කාරය දැරීමේ අවස්ථා 3 ක් ඉන්දියාවට ලැබීමත්, කි‍්‍රකට් ලෝකයේ ප‍්‍රබලතම රටවල් වන එංගලන්තයට, ඕස්ටේ‍්‍රලියාවට සහ නවසීලන්තයට ලැබී තිිබෙන අවස්ථා සංඛ්‍යාව එකකට සීමාවීමත්ය.
අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ පැරණිතම සාමාජිකයන් වන එංගලන්තයට, ඕස්ටේ‍්‍රලියාවට සහ නවසීලන්තයට මෙන්ම ශී‍්‍ර ලංකාව, පාකිස්තානය, දකුණු අපි‍්‍රකාව සහ බටහිර ඉන්දීය දූපත් සමූහයටත් හිමිව ඇත්තේ එක අවස්ථාව බැගිනි. මෙයට ප‍්‍රධානතම හේතුව වී ඇත්තේ කි‍්‍රකට් කී‍්‍රඩාව පිළිබඳ උන්මාදයකින් පසුවන කෝටි 140 කට ආසන්න ඉන්දීය ජනගහණයයි.
අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ තරගාවලියක් පාකිස්තානයට ලැබෙන්නේ ද වසර 20 කට වැඩි කලකට පසුවය. ඒ 2025 දී පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලාන තරගාවලියයි.
2024 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකයකු ලෙසින් ඇමරිකා එක්සත් ජනපදය තෝරාගෙන ඇත්තේ එහි පවතින කි‍්‍රකට් වෙළෙඳපොල සම්බන්ධයෙන් සලකා බැලීමෙන් පසුව බව අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ නියෝජිත ග්‍රෙග් බාක්ලේ මහතා පවසා තිබිණ.
අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ පූර්ණ සාමාජිකයන් නොවන ඇමරිකානු එක්සත් ජනපදය සහ නැමීබියාවටද 2024 දී සහ 2027 දී ලෝක කුසලාන තරග කිහිපයක් සංවිධානය කිරීමේ අවස්ථාව ලැබී තිබේ.
මෙම සත්කාරකයන් තෝරාගනු ලැබ ඇත්තේ තරගකාරී ඉල්ලූම්කිරීමේ ක‍්‍රමවේදයක් අනුසාරයෙනි. අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ අනු කමිටුවක සාමාජිකයන් වන මාටින් ස්නේඩන් (නවසීලන්තය), සව්රව් ගංගුලි (ඉන්දියාව) සහ රිකී ස්කෙරිට් (බටහිර ඉන්දීය කොදෙව්) යන මහත්වරු එය අධීක්‍ෂණය කළහ.
මෙම අනු කමිටු සාමාජිකයක් විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් පිළිගන්නා ලද අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන තරගාවලි සඳහා සත්කාරකයන් තේරීමේදීත් එම යෝජනා සලකා බලන බව අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ නිවේදනයකින් කියැවේ.
වසර 2024 සිට 2031 දක්වා කාලය ඇතුළත පැවැත්වෙන සීමිත ඕවර (ලෝක කුසලාන) තරගාවලි 8 ට සත්කාරය දැරීම සඳහා සාමාජික රටවල් 17 කින් යෝජනා 28 ක් ඉදිරිපත් වී තිබිණ.
ලබන වසරේ සිට 2031 දක්වා පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලි
2022 : විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය - ඕස්ටේ‍්‍රලියාවේදී
2023 : ඕවර 50 (එක්දින) ලෝක කුසලාන තරගාවලිය - ඉන්දියාවේදී
2024 : විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඇමරිකා එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය දූපත් සමූහයේදී
2025 : ශූරයන්ගේ කුසලාන තරගාවලිය - පාකිස්තානයේදී
2026 : විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ශී‍්‍ර ලංකාවේදී සහ ඉන්දියාවේදී
2027 : ඕවර 50 (එක්දින) ලෝක කුසලාන තරගාවලිය දකුණු අපි‍්‍රකාව, සිම්බාබ්වේ සහ නැමීබියාවේදී
2028 : විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඕස්ටේ‍්‍රලියාවේ සහ නවසීලන්තයේදී
2029 : ශූරයන්ගේ කුසලාන තරගාවලිය ඉන්දියාවේදී
2030 : විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය එංගලන්තය, අයර්ලන්තය සහ ස්කොට්ලන්තයේදී
2031 : ඕවර 50 (එක්දින) ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේදී සහ බංග්ලාදේශයේදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.