Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story 2021 අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියේ අවසන් ලයිස්තුවට ශ්‍රී ලංකාවෙන් 9 ක්

2021 අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියේ අවසන් ලයිස්තුවට ශ්‍රී ලංකාවෙන් 9 ක්

editorial - 2021 පෙබ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසීය සඳහා ඉදිරිපත් කරන ක්‍රීඩකයින් සංඛ්‍යාව 292 ක් දක්වා අඩුකර තිබේ. ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 9 දෙනෙක්ද ඇතුළත්ව සිටිති. අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසීය මේ මස 18 වැනිදා චෙන්නායි හිදී පැවැත්වීමට නියමිතය.

අන්තර්ජාතික තරග වලදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති කුසල් ජනිත් පෙරේරා, දසුන් ශානක, ඉසුරු උදාන, තිසර පෙරේරා, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර යන ක්‍රීඩකයින් 6 දෙනාට අමතරව තවමත් ජාත්‍යන්තර වරම් හිමිකරගෙන නැති කෙවින් කොත්තිගොඩ, මහේෂ් තීක්‍ෂණ සහ විජයකාන්ත් වියස්කාන්ත් යන ක්‍රීඩකයෝ තිදෙනාද ක්‍රීඩක වෙන්දේසීයේ අවසන් ලැයිස්තුවට ඇතුළත්ව සිටිති.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසීය සඳහා වූ මූලික ලයිස්තුවට ක්‍රීඩකයින් 1114 දෙනෙකු ලියාපදිංචි කර තිබිණ. ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 31 දෙනෙකුද ඇතුළත් වූහ. එහෙත් පසුව එය ක්‍රීඩකයන් 292 ක් දක්වා අඩකරන ලදි.

වෙන්දේසීය සඳහා තෝරාගත් ක්‍රීඩකයින් 292 ගෙන් ක්‍රීඩකයින් 164 දෙනෙකු ඉන්දීය ක්‍රීඩකයින් වන අතර 128 දෙනෙකු විදේස් ක්‍රීඩකයන් වෙති. ඊට අමතරව ටෙස්ට් වරම් හිමිකර නොගත් රටවලින් ක්‍රීඩකයින් 3 දෙනෙකුද ඇතුළත්ව ඇත.

ඉන්දීය රුපියල් කෝටි දෙකක ඉහළම මූලික වටිනාකමක් ඇති ක්‍රීඩකයන්ගේ කාණ්ඩයට ක්‍රීඩකයින් 10 දෙනෙකු ඇතුළත්වේ. ඊට හර්බජාන් සිං සහ කේදර් ජාදව් යන ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනාට අමතරව ග්ලෙන් මැක්ස්වෙල්, ස්ටීවන් ස්මිත්, සකිබ් අල් හසන්, මොයීන් අලී, සෑම් බිලින්ග්ස්, ලයාම් ප්ලන්කට්, ජේසන් රෝයි සහ මාර්ක් වුඩ් යන විදෙස් ක්‍රීඩකයින් 8 දෙනාද ඇතුළත්වේ.

ඉන්දීය රුපියල් කෝටි 1.5 ක මූලික වටිනාකමකට හිමිකම් කියන ක්‍රීඩක කාණ්ඩයට අයත් ක්‍රීඩකයින් සංඛ්‍යාව 12ක් වන අතර ඊට ඉන්දීය ක්‍රීඩකයින් ඇතුළත්ව නැත.

ඉන්දීය රුපියල් කෝටියක මූලික වටිනාකමකට හිමිකම් කියන ක්‍රීඩක කාණ්ඩයට ඉන්දීය ක්‍රීඩකයින් වන හනුමා විහාරි සහ උමේෂ් යාදව් ඇතුළුව ක්‍රීඩකයින් 11 දෙනෙකු ඇතුළත්වේ. ඉන්දීය රුපියල් ලක්ෂ 75 ක මූලික වටිනාකමකට හිමිකම් කියන ක්‍රීඩක කාණ්ඩයට ක්‍රීඩකයින් 15 ක් ඇතුළත් අතර ඉන්දීය ක්‍රීඩකයින් ඇතුළත් නොවේ. ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මූලික වටිනාකමකට හිමිකම් කියන ක්‍රීඩක කාණ්ඩයට ක්‍රීඩකයින් 65 ක් ඇතුළත් අතර ඊට ඉන්දීය ක්‍රීඩකයෝ 13 ක් ද ඇතුළත් වෙති.

පසුගියවර පැවැති අයි.පී.එල් තරගාවලියේදී රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල නියෝජනය කළ ඉසුරු උදාන, ඉන්දිය රුපියල් ලක්ෂ 50 ක මූලික වටිනාකමකට හිමිකම් කියන ක්‍රීඩක කාණ්ඩයට අයත්ව ඇත. එමෙන්ම වනිඳු හසරංග, තිසර පෙරේරා, දසුන් ශානක, කුසල් ජනිත් පෙරේරා හා දුෂ්මන්ත චමීර යන ක්‍රීඩකයන් පස්දෙනාද එම කාණ්ඩයට ඇතුළත්ව සිටිති. ඔවුන්ගේ මූලික වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටී 1.33 කට ආසන්න අගයක්වේ.

ජාත්‍යන්තර වරම් හිමිකර නොගත් ක්‍රීඩකයන් තිදෙනෙකු වන විජයකාන්ත් වියස්කාන්ත්, කෙවින් කොත්තිගොඩ සහ මහේෂ් තීක්ෂණ ඉන්දිය රුපියල් ලක්ෂ 20 ක මූලික වටිනාකමකට හිමිකම් කියන ක්‍රීඩක කාණ්ඩයට අයත්වේ. ඒ අනුව ඔවුන්ට ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 53 කට ආසන්න මුදලකට හිමිකම් කියනු ඇත.

වෙන්දේසීය සඳහා ඉදිරිපත් වන ක්‍රීඩකයින් 292 ගෙන් ක්‍රීඩකයින් 61 ක් කණ්ඩායම් 8 සඳහා තෝරා ගැනීමට නියමිතව ඇති අතර එම ක්‍රීඩකයින් 61 ක අතරට විදෙස් ක්‍රීඩකයෝ 22 දෙනකුද අයත් වෙති.

- 2079

 


අදහස් (0)

2021 අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියේ අවසන් ලයිස්තුවට ශ්‍රී ලංකාවෙන් 9 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.