Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියානු සහ එංගලන්ත කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන ටෙස්ට් තරගය අද (16 වැනිදා) එංගලන්තයේ බ්‍රිස්ටල් නගරයේදී ආරම්භ විය. මෙම තරගය මේ වන විට ලෝකයේ විශාල අවධානයක් දිනාගත් තරගයක් වන අතර එහි සජීවී විකාශයක් ද සෝනි ටෙන් නාළිකාව ඔස්සේ විකාශය කෙරේ.
ලෝකයේ තත්ත්වය එසේ වුවත් ශ්‍රී ලංකාවේ කාන්තා කණ්ඩායම තවමත් ක්‍රීඩා කර ඇත්තේ එකම ටෙස්ට් තරගයකට පමණි.
වසර 1998, කොළඹ කෝල්ට්ස් පිටියේදී පාකිසාතානයට එරෙහිව පැවැති එකම තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 309 ක ජයක් අත්කර ගත්හ. එහෙත් එදා මෙදා තුර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එක්දින අන්තර්ජාතික (ඕවර 50) තරග සහ විස්සයි-20 තරග ක්‍රීඩා කර ඇති නමුත් වසර 23 ක් පුරා ටෙස්ට් තරග වලට සහභාගි වී නැත.
කාන්තා ටෙස්ට් තරග ආරම්භ වූයේ 1934 තරම් ඈතකදීය. එකල කෙටි සාය සහ අත්දිග හැට්ට ඇඳගත් ක්‍රීඩිකාවෝ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කළ අතර ක්‍රීඩිකාවන්ගේ එම ඇඳුම 1990 දශකයේ මුල, එංගලන්ත නායිකා ජැනට් බ්‍රීට්න් යුගය දක්වාම පැවතිණ. එහෙත් පසුකාලීනව ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත ක්‍රීඩිකාවන්ගේ ආක්‍රමණික ක්‍රීඩා රටාව හේතුවෙන් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙනස් විය.
මෙහි දැක්වෙන්නේ 1934 දී ඕස්ට්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවරදී පැවැති ලොව මුල්ම කාන්තා ටෙස්ට් තරගයේ අවස්ථාවකි.
පළමු ටෙස්ට් තරගයේදී එංගලන්තයේ මර්ටල් මැක්ලීගන් ලකුණු 10 කට කඩුලු 7 ක් දවාගත් හෙයින් ඕස්ට්ට්‍රේලියානු මුල් ඉනිම ලකුණු 47 කට සීමා විය. එතැනින් නොනැවතුණු මර්ටල් මැක්ලීගන් පිත්තෙන් ලකුණු 72 ක් ද ලබාගැනීම හේතුවෙන් සිය මුල් ඉනිමට ලකුණු 154 ක් එකතු කරගත් එංගලන්ත ක්‍රීඩිකාවෝ ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිම ලකුණු 138 කට සීමා කළහ. ජයග්‍රහණය සඳහා එංගලන්තයට අවශ්‍ය වූයේ ලකුණු 32 ක් පමණි. මර්ටල් ලකුණු 9 කට දැවී ගියද පහසුවෙන්ම ඉලක්කය පසුකර ගිය එංගලන්ත ක්‍රීඩිකාවෝ තරගයෙන් එංලන්තය කඩුලු 9 කින් ජයගත්හ.
(සටහන – දමින්ද විජේසූරිය)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.