Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයෝ 18 දෙනෙක් දිගින් දිගටම ඇදෙමින් පැවැති ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වාර්ෂික ගිවිසුම අත්සන් කර තිබේ. වත්මන් සීමිත ඕවර කණ්ඩායම් දෙකෙහිම නායකයා වන දසුන් ශානකද මෙම ක්‍රීඩකයන් 18 දෙනා අතරට එක්ව ඇතත් ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා මෙන්ම හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ඔව්න් අතරට එක්ව නැත.
අගෝස්තු මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පසුදාතමක් යොදා ඇති මෙම ගිවිසුම මේ වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා මාස 5 ක කාලයක් බලපැවැත්වෙනු ඇත.
මෙම ගිවිසුම සඳහා සලකා බැලෙමින් සිටි ක්‍රීඩකයන් අතර සිටි, හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට මෙම ගිවිසුම ඉදිරිපත් කර නැත. “නැවත දන්වනතුරු ජාතික කණ්ඩායමේ වගකීම් වලින් නිදහස් කරන්න” ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා තිබිණ.
ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වූ නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක මේ වන විට තහනමකට මුහුණ දී සිටිති.
“ක්‍රීඩකයන් මෙම ගිවිසුම අත්සන් කර ඇත්තේ ඔවුන් වෙත කලින් පිරිනමන ලද ගිවිසුම (කොන්ත්‍රාත්තුව) කිසිදු වෙනස්කිරීමකින් තොරවය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම ගිවිසුම සකස්කරනු ලැබ ඇත්තේ ක්‍රිකට් තාක්‍ෂණික උපදේශක කමිටුවේ සහයෝගය ඇතිවය” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද දහවල් නිකුත් කළ නිවේදනයකින් කියැවේ.
වර්ගීකරණයන් 4 ක් යටතේ ක්‍රීඩකයන් තෝරාගනු ලබන අතර තේරීම් කමිටුව විසින් අදාළ වර්ගීකරණයන් සඳහා ක්‍රීඩකයන් තෝරාගනු ලැබ තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්‍ෂණික උපදේශක කමිටුව විසින් කලින් පිළියෙළ කරන ලද ඒ, බී, සී, සහ ඩී, යනුවෙන් වන එක් එක් වර්ගීකරණයක 1-2-3 යනුවෙන් අනු වර්ගීකරණයන් 3 කි. ඒ අනුව ජාතික කොන්ත්‍රාත්තුව සඳහා සැබෑවශයෙන් වර්ගීකරණයන් 12 ක් පවතී. ක්‍රීඩකයන්ගේ දස්කම්, ශාරීරික යෝග්‍යතාව, නායකත්වය, ජ්‍යෙෂ්ඨත්වය, වෘත්තීමය කුසලතාව, විනය, අනාගත බලාපොරොත්තු සහ වෙනස්වන තත්ත්වය අනුව හැඩගැසීමේ හැකියාව වැනි විවිධ ක්ෂේත්‍ර යටතේ ක්‍රීඩකයන් වර්ගීකරණය කෙරෙනු ඇත.
එක් එක් ක්‍රීඩකයන් තෝරාගත් ක්‍රමවේදය මෙන්ම එක් එක් කොටස් යටතේ ක්‍රීඩකයන්ට හිමි ප්‍රසාද ලකුණු ගිවිසුම අත්සන් කිරීමට පොරතුව ක්‍රීඩකයන් වෙත ලබාදෙනු ඇත.
එක් එක් ක්‍රීඩකන් වර්ගීකරණය කර ඇති පදනම කුමක්ද යයි විමසා සිටි ක්‍රීඩකයෝ 35 දෙනෙක් පසුගිය ජූනි මාසයේදී එංගලන්තය බලා යාමට පෙර මෙම ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළහ. එහෙත් අගෝස්තු මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන, මාස 5 ක කොන්ත්‍රාත්තුව අත්සන් කර ඇත්තේ කලින් එය ප්‍රතික්ෂේප කළ ක්‍රීඩකයන්ගෙන් 18 දෙනෙකි.
මාස 5 ක ගිවිසුම අත්සන් කළ ක්‍රීඩකයෝ
දිමුත් කරුණාරත්න, ධනංජය ද සිල්වා, කුසල් පෙරේරා, සුරංග ලක්මාල්, දසුන් ශානක, වනිඳු හසරංග, ලසිත් ඇඹුල්දෙණිය, පැතුම් නිස්සංක, ළහිරු තිරිමාන්න, දුෂ්මන්ත චමීර, දිනේෂ් චන්දිමාල්, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, ඕෂධ ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, ළහිරු කුමාර, අශේන් බණ්ඩාර සහ අකිල ධනංජය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.