Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story 15 වැනි අදියරේ ජය සෙප් කූස්ට

15 වැනි අදියරේ ජය සෙප් කූස්ට

editorial - 2021 ජුලි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රංශ පාපැදි සවාරියේ 15 වැනි අදියර ජයගැනීමට ඇමරිකාවේ සෙප් කූස් ඊයේ (11 වැනිදා) සමත් විය. සේරේට් නගරයේ සිට ඇන්ඩෝරේ-ලා-වීල් නරගය දක්වා වූ එම අදියර කිලෝ මීටර්191.3 දුරකින් සමන්විත වූ අතර එය නිමා කිරීම සඳහා කූස්ට ගත වූ කාලය පැය 5 යි, විනාඩි 12 යි, තත්ත්පර 06 කි.

විසිහය වැනි වියේ පසුවන කූස් ප්‍රංශ පාපැදි සවාරියක අදියරක් ජයගත් පළමු අවස්ථාව මෙය විය. කූස්ට වඩා තත්ත්පර 23 ක් පසුපසින් තරගය නිමා කළ ස්පාඤ්ඤයේ ඇලෙජැන්ඩ්‍රෝ වැල්වර්ඩ් දෙවැනියා ලෙසද, කූස්ට වඩා විනාඩි 1 යි, තත්පර 15 ක් පසුපසින් තරගය නිමා කළ නෙදර්ලන්තයේ වූට් පොල්ස් තෙවැනියා ලෙස 15 වැනි අදියර නිමා කළහ.

“එය ඇදහිය නොහැකි ජයග්‍රහණයක්. මෙම චාරිකාවේදී මම බොහෝ දුක් වින්දා. මගේ කකුල් දෙකට විශාල වේදනාවක් දැනුනා. නමුත් මේ අදියර ජයග්‍රහණයකින් නිමා කිරීමට හැකි වේවි යැයි කියලා මට හිතුනා. දැන් මම ‍මේ තරගයට දරුණු ලෙස ඇබ්බැහි වෙලා. කොටින්ම දැන් එය මා ජීවත් කරවන දෙයක් බවට පත්වෙලා.” යැයි ජයග්‍රහණයෙන් අනතුරුව කූස් පැවසීය.

15 වැනි අදියර ජයගැනීමට කූස් සමත් වුවද, තවදුරටත් සමස්ත තරගයේ පෙරමුණ රැක ගැනීමට ස්ලෝවේනියාවේ ටඩෙජ් පොගාකාර් සමත්ව විය. ඒ අනුව ඔහු අද (12 වැනිදා) තරගයේ 16 වැනි අදියර සඳහාද කහ පැහැති බැනියම පැලඳ තරග වදිනු ඇත. මේ දක්වා පැවැති අදියර 15 නිමා කිරීම සඳහා පො‍ගාකාර්ට පැය 62 යි, විනාඩි 07 යි, තත්ත්පර 18 ක කාලයක් ගත වී ඇත.

පොගාකාර්ට වඩා විනාඩි 5 යි තත්පර 18 ක් පසුපසින් සිටින කොලොම්බියා‍වේ රිගෝබර්ටෝ යුරන් සමස්ත තරගයේ දෙවැනි ස්ථානයේ පසුවන අතර පොගාකාර්ට වඩා විනාඩි 5 යි,තත්පර 32 ක් පසුපසින් සිටින ඩෙන්මාර්කයේ ජොනාස් වින්ජ්ගාඩ් එහි තෙවැනි ස්ථානයේ රැදී සිටියි. ඉක්වදෝරයේ රිචඩ් කරපාස් සිවුවැනි ස්ථානයට පත්ව ඇත්තේ පොගාකාර්ට වඩා විනාඩි 5 යි, තත්පර 33 ක් පසුපසින් සිටිමිනි.

15 වැනි අදියරේ ජයග්‍රාහකයන් ‍‍

1 සෙප් කූස් (ඇමරිකාව) - පැය 5:12:06

2 ඇලෙජැන්ඩ්‍රෝ වැල්වර්ඩ් (ස්පාඤ්ඤය) - පැය 5:12:29

3 වූට් පෝල්ස් (නෙදර්ලන්තය) - පැය 5:13:21

4 අයොන් ඉසගිරේ (ස්පාඤ්ඤය) - පැය 5:13:21

5 රූබෙන් ගුරෙයිරෝ (පෝලන්තය) - පැය 5:13:21

6 නයිරෝ ක්වින්ටනා (කොලොම්බියාව) - පැය 5:13:21

7 ඩේවිඩ් ගෞඩු (ප්‍රංශය) - පැය 5:13:21

8 ඩෑන් මාටින් (ඊශ්‍රාලය) - පැය 5:13:28  

9 ෆ්රෑන්ක් බෝනමූර් (ප්‍රංශය) - පැය 5:13:28  

10 ඕරලියන් පරෙට් (ප්‍රංශය) - පැය 5:13:28  

සමස්ත තරගයේ ප්‍රතිඵලය

1 ටඩෙජ් පොගාකාර් (ස්ලෝවේනියාව) - පැය 62:07:18

3 රිගෝබර්ටෝ යුරන් (කොලොම්බියාව) - පැය 62:12:36

3 ජොනාස් වින්ජ්ගාඩ් (ඩෙන්මාර්කය) - පැය 62:12:50

4 රිචඩ් කරපාස් (ඉක්වදෝරය) - පැය 62:12:51

5 බෙන් ඕ'කෝනර් (ඕස්ට්‍රේලියාව) - පැය 62:13:16

6 විල්කෝ කෙල්ඩර්මන් (නෙදර්ලන්තය) - පැය 62:13:34

7 ඇලෙක්සි ලුට්සෙන්කෝ (කසකස්තානය) - පැය 62:14:19

8 එන්රික් මාස් (ස්පාඤ්ඤය) - පැය 62:14:29

9 ගුයිලුම් මාටින් (ප්‍රංශය) - පැය 62:15:16  

10 පෙලෝ බිල්බාවෝ (ස්පාඤ්ඤය) - පැය 62:18:17

-036


අදහස් (0)

15 වැනි අදියරේ ජය සෙප් කූස්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.