සමස්ත ලංකා වයස 15 න් පහළ අන්තර් පාසල් ‘බී’ කාණ්ඩයේ පැසිපන්දු ශූරතාව දිනාගැනීමට මෝදර ද ලාසාල් විදුහල් කණ්ඩායම සමත්විය. ඉකුත්දා මෝදරදී පැවති ‘බී’ කාණ්ඩයේ අවසන් මහ තරගායේදී ලකුණු 53 x- 48 ක් ලෙස කොටහේන ශාන්ත බෙනඩික් විදුහල් කණ්ඩායම පරාජය කරමින් ඔවුහු මෙම ශූරතාවට හිමිකම් කීවෝය.
මේ වසරේදී ද ලාසාල් විදුහල් කී‍්‍රඩකයන් විසින් දිනාගන්නා ලද තුන්වැනි පැසිපන්දු ශූරතාව මෙය වන අතර මින් පෙර ඔවුන් 17 න් පහළ සහ 19 න් පහළ වයස් කාණ්ඩ වලද ‘බී’ කාණ්ඩයේ ශූරතා දිනාගෙන තිබේ.
ද ලාසාල් විදුහල මෙම තරගාවලියේ සහභාගීවූ පළමු තරගයෙන්ම ශාන්ත බෙනඩික් විදුහල් කණ්ඩායම හමුවේ ලකුණු 4 කින් පරාජයට පත්වූ නමුත් ඉන් පසුව සහභාගීවූ සියලූ තරග ජයගනිමින් අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය.
ඕ. කේ. අයි. ජාත්‍යන්තර පාසල, කොළඹ ඉසිපතන විදුහල, අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල පරාජය කරමින් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි ඔවුන් අර්ධ අවසන් පූර්ව තරගයේදී කොල්ලූපිටිය සාන්ත තෝමස් මූලික පාසල් කණ්ඩායම පරාජය කළේය.
අවසන් පූර්ව වටයේදී මහනුවර කිංග්ස්වුඞ් විදුහල පරාජය කරමින් ද ලාසාල් විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර ශාන්ත බෙනඩික් විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ කොළඹ ඞී. එස්. සේනානායක විදුහල පරාජය කරමිනි.
අවසන් තරගය ආරම්භයේ සිටම කණ්ඩායම් දෙකම ඉතා දක්ෂ අන්දමින් කී‍්‍රඩා කළ අතර පළමු අර්ධය නිමා වන විට ද ලාසාල් කී‍්‍රඩකයෝ ශාන්ත බෙනඩික් කී‍්‍රඩකයන්ට වඩා ලකුණු 10 ක් ඉදිරියෙන් පසුවූහ.
ද ලාසාල් කණ්ඩායමේ නුවන් මදුරංග අවසන් තරගයේදී ලකුණු 18 ක් රැුස්කරමින් තරගාවලියේ වටිනාම කී‍්‍රඩකයාට හිමි සම්මානය දිනාගනිද්දී කණ්ඩායම් නායක ඉෂාර පියුමාල් ලකුණු 17 ක් රැුස්කරමින් තරගාවලියේ දක්ෂතම ආරක්‍ෂක කී‍්‍රඩකයා බවට පත්විය.
අවසන් තරගයේ වැඩිම ලකුණු ලාභියා වූ ද ලාසාල් කණ්ඩායමේ ආනෝලඞ් බ්‍රෙන්ට් ලකුණු 19 ක් රැස්කරමින් තරගාවලියේ දක්ෂතම ආක‍්‍රමණශීලී කී‍්‍රඩකයා ලෙස සම්මාන ලැබීය.
අවසන් මහ තරගයේ විශේෂ ආරාධිත අමුත්තා වූ ගරු අර්වින් මොරායස් පියතුමන් අතින් ද ලාසාල් කණ්ඩායමේ නායක ඉසුරු පියුමාල් තරගාවලියේ ශූරතා කුසලානය ලබාගනිමින්....
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.