Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලබන වසරේදී ටෙස්ට් තරග 10 ක්

ලබන වසරේදී ටෙස්ට් තරග 10 ක්

editorial - 2021 සැප් මස 26 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව ලබන වසරේ (2022) ටෙස්ට් තරග 10 ක් සඳහා ක්‍රීඩා කිරීමට නියමිතව ඇත. ඊට අමතරව එක්දින තරග 19 ක් සහ විස්සයි20 ජාත්‍යන්තර තරග 13 ක් ඇති බැවින් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබන වසර ඉතාමත් කාර්ය බහුල වසරක් වී තිබේ.

පසුගිය වසරේ (2020) පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ලබන වසර තෙක් කල්දැමූවද එය ශ්‍රී ලංකාවේ ටෙස්ට් කාලසටහනට බලපා නොමැත.

ටෙස්ට් තරගාවලි දෙකක් සඳහා ශ්‍රී ලංකාව ලබන වසරේ මාර්තු මාසයේ ඉන්දියාවේද, මැයි මාසයේදී බංග්ලාදේශයේද සංචාරය කිරිමට නියමිතව ඇත. තවත් ටෙස්ට් තරගාවලි දෙකක් සඳහා ඕස්ටේ්‍රලියාව සහ පාකිස්තානය, ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ඇත.

තරගාවලිය පැවැත්වෙනවාද නැද්ද පිළිබඳව තවමත් තහවුරු නොකලද ශ්‍රී ලංකාව ලබන වසරේ නොවැම්බර්-දෙසැම්බර් මාසයන්හිදී නවසීලන්තයේ සංචාරය කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන්නේය. මෙම තරගාවලි සියල්ලම ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලි ලෙස ක්‍රියාත්මක වෙයි.

පළමු අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ තරග 12 කට ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ඉන් තරග 2ක් පමණක් ජයගත් අතර තරග 6 ක් පරාජය පත්විය. තවත් තරග 4 ක් ජය පරාජයෙන් තොරව අවසන් විය. කණ්ඩායම් 10 ක සහභාගීත්වයෙන් පැවැති පළමු අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට හිමිවූයේ 9 වැනි ස්ථානයයි.

සිම්බාබ්වේ (එක්දින 3, විස්සයි20 2), ඕස්ටේ්‍රලියාව (ටෙස්ට් 2, එක්දින 5, විස්සයි20 3), පාකිස්තානය (ටේස්ට් 2, එක්දින 3) යන රටවල් ලබන වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. ශ්‍රී ලංකාව ලබන වසරේදී ඕස්ටේ්‍රලියාව (විස්සයි20 5), ඉන්දියාව (ටෙස්ට් 2, විස්සයි20 3), නවසීලන්තය (ටෙස්ට් 2, එක්දින 3) සහ ඉන්දියාව (එක්දින 5) යන රටවල  සංචාරය කිරීමට නියමිතව ඇත.

ඊට අමතරව අගෝස්තු මාසයේදී තෙවැනි ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇති අතර සැප්තැම්බර් මාසයේදී ආසියානු කුසලාන තරගාවලිය පැවැත්වෙනු ඇත. ඔක්තෝබර් - නොවැම්බර් මාස වලදී විස්සයි20 ලෝක කුසලාන තරගාවලියද්‍ර පැවැත්වීමට නියමිතව ඇත. එම තරගාවලිය පසුගිය වසරේදී (2020) ඕස්ටේ්‍රලියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලියයි.  


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 2022 තරග කාලසටහන

■    2022 ජනවාරි - සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය (එක්දින 3, විස්සයි20 2)
■    2022 පෙබරවාරි - ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ටේ්‍රලියානු සංචාරය (විස්සයි20 5)
■    2022 මාර්තු - ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියානු සංචාරය (ටෙස්ට් 2, විස්සයි20 3),
■    2022 මැයි - ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය (ටෙස්ට් 2)
■    2022 මැයි - ජුලි - ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය (ටෙස්ට් 2, එක්දින 5, විස්සයි20 3)
■    2022 ජුලි - අගෝස්තු - පාකිස්තානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය (ටෙස්ට් 2, එක්දින 3)
■    2022 අගෝස්තු - තෙවැනි ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය
■    2022 සැප්තැම්බර් - ආසියානු කුසලාන තරගාවලිය
■    2022 සැප්තැම්බර් - ආසියානු තරගාවලිය, චීනයේදී (23 න් පහළ කණ්ඩායම)
■    2022 ඔක්තෝබර් -  විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ඕස්ටේ්‍රලියාවේදී
■    2022 නොවැම්බර් - ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරය (ටෙස්ට් 2, එක්දින 3)
■    2022 දෙසැම්බර් - ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය (එක්දින තරග 5)

- 2079

 


අදහස් (1)

ලබන වසරේදී ටෙස්ට් තරග 10 ක්
  • sam Sunday, 26 September 2021 07:18 PM

    ශරීර ශක්තිය අඩුයි වගේ පේන්නේ නම්... පාරක් ගහන්න බෑ... බැට් එක කැරකෙනවා. පෝෂණය සහ ව්‍යායාම ගැන බැලුවා නම් හොඳයි.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.