ලෝක බොක්සිං ඉතිහාසයේ නොමැකෙන නාමයක් සටහන් කළ හෙවිවේට් බොක්සිං ‘විශිෂ්ටයා’ මොහොමඞ් අලි ඊයේ (3 වැනිදා) අභාවප‍්‍රාප්ත විය. ශ්වසන ආබාධයක් හේතුවෙන් රෝහල්ගත කර සිටි මොහොමඞ් අලි මිය යන විට 74 වැනි වියේ පසුවිය.
කැෂියස් මාර්ෂල් ක්ලේ නමින් 1942 ජනවාරී මස 17 වැනිදා උපන් ඔහු ඉස්ලාමීය ආගම වැළද ගැනීම නිසා සිය නාමය මොහොමඞ් අලි ලෙස වෙනස් කර ගත්තේය. මොහොඩම් අලි, 1984 සිට එනම් වසර 32 ක් තිස්සේ පාකින්සන් රෝගයත් සමග සටන් කරමින් මේ තාක් කල් ජීවිතය ගත කළ පුද්ගලයෙකි.
පාකින්සන් රෝගයෙන් පීඩා විඳිමින් සිටියද 1996 ඇට්ලැන්ටා ඔලිම්පික් උළෙලේදී ඔලිම්පික් ගිනිසිළුව දැල්වූයේද මොහොමඞ් අලීය.
2014 වසරේ දෙසැම්බර් මස නිව්මෝනියාව තත්ත්වය නිසා රෝහල්ගතව ප‍්‍රතිකාර ලබාගත් ඔහු වැඩි දුර පරීක්ෂා කළ වෛද්‍යවරුන් පසුව නිර්දේශ කළේ මුත‍්‍රා මාර්ගයේ ආසාදනයක් ඇති වී ඇති බවයි. එනිසා 2015 ජනවාරී මාසයම රෝහලේ ප‍්‍රතිකාර ගැනීමට අලි ට සිදුවිය.
1964 දී පළමුවරට ලෝක හෙවිවේට් බොක්සිං කිරුළ දිනාගත් අලි, 1974 සහ 1978 වසරවලදී ද හෙවිවේට් ලෝක කිරුළ තමන් සතු කර ගත්තේ ලෝක බොක්සිං වංශ කතාවට අලූත් පරිච්ෙඡ්දයක් ගෙන එමිනි. 1960 වසරේ රෝම ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ දී රන් පදක්කම දිනාගත් ඔහු බොක්සිං ක‍්‍රීඩාවේ රජු ලෙස ද වැජඹිණ.
ඇමරිකාවේ ඇරිසෝනා ප‍්‍රාන්තයේ ෆීනික්ස්හි පදිංචිව සිටි මොහොමඞ් අලි, සිවු වරක් විවාහ වූ අතර දුවරුන් හත් දෙනකුගේ සහ පුතුන් දෙදෙනකුගේ පියෙකි. මොහොමඞ් අලීගේ දියණියක වන ලයිලා අලිද ප‍්‍රකට බොක්සිං කී‍්‍රඩිකාවකි.
මොහොමඞ් අලි බොක්සිං ක‍්‍රීඩාවෙන් සමුගන්නා විට තරග 61 කින් තරග 56 ක්ම ජයගෙන ‘විශිෂ්ටයා’ යනුවෙන් ලොව පුරා ප‍්‍රචලිත නාමයක් රදවා ගත්තේය.
ඇමරිකාවේ කෙන්ටකි ප‍්‍රාන්තයේ මොහොමඞ් අලි උපන් ගම වන ලූවීවිල් හිදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.
-090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.