Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
හොං කොං ක්‍රිකට් සංගමය 21 වැනි වරටත් සංවිධානය කරන හොං කොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලිය එළබෙන නොවැම්බර් මස 7, 8 සහ 9 යන දිනවලදී හොං කොං රාජ්‍යයේ මොං කොක් නුවර මිෂන් රොඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාවද සමග රටවල් 12 ක් සහභාගි වන මෙම සය සාමාජික ක්‍රිකට් තරගවලිය තරග 30 කින් සමන්විත වන අතර මූලික වටයේදී එක් කාණ්ඩයකට රටවල් 3 බැගින් වූ කාණ්ඩ 4 ක් යටතේ තරග පැවැත්වේ. ශ්‍රී ලංකාව මෙවර තරගාවලියට සහභාගි වන්නේ අවසන් වරට පැවැති තරගාවලියේ (2024) ශූරයන් ලෙසිනි.
මෙවර තරගාවලියේදී ඇෆ්ඝනිස්ථානය, නේපාලය සහ දකුණු අප්‍රිකාව ‘ඒ’ කාණ්ඩය යටතේද, ඕස්ට්‍රේලියාව, එංගලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ‘බී’ කාණ්ඩය යටතේද, ඉන්දීයාව, කුවේට් සහ පාකිස්තානය ‘සී’ කාණ්ඩය යටතේද, බංග්ලාදේශය, හොං කොං සහ ශ්‍රී ලංකාව ‘ඩී’ කාණ්ඩය යටතේද තරග වදිනු ඇත.
මූලික වටයේදී එක් එක් කාණ්ඩවල මුල් ස්ථාන 2 ට ඇතුළත්වන කණ්ඩායම් 8 තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර තෙවැනි ස්ථානයට පත්වන කණ්ඩායම් 4 ට බඳුන ශූරතාව වෙනුවෙන් තරග වැදීමට සිදුවනු ඇත. අවසන් පූර්ව වටයේදී ජය ලබන කණ්ඩායම් 4 කුසලාන ශූරතාව සඳහාද, පරාජයට පත්වන කණ්ඩායම් 4 පළඟ ශූරතාව සඳහාද තරග වදිනු ඇත.
මෙවර තරගාවලිය සඳහා රටවල් 12 ක් සහභාගි වීමට නියමිතව තිබුණද, ඒ අතරින් මේ වන විට සිය සංචිතය නම් කර ඇත්තේ දකුණු අප්‍රිකාව පමණි. මෑතකදී ජාත්‍යන්තර තරග බිමෙන් සමුගත් දිනේෂ් කාර්තික් සහ රවිචන්ද්‍රන් අෂ්වින් මෙම තරගාවලියේදී ඉන්දීය කණ්ඩායමට ක්‍රීඩා කරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තහවුරු කර තිබේ.
ඉකුත් වසරේ (2024) පැවැති හොං කොං සික්සර්ස් තරගාවලියේ ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක ළහිරු මධුෂංක කටයුතු කළ අතර තනුක දාබරේ, ධනංජය ලක්ෂාන්, තරිඳු රත්නායක, ළහිරු සමරකෝන්, නිමේෂ් විමුක්ති සහ සඳුන් වීරක්කොඩි කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයෝ වූහ.
මේ දක්වා පැවැති හොං කොං සික්සර්ස් තරගාවලි 20 න් අවස්ථා 2 කදී (2007 සහ 2024) ශ්‍රී ලංකාව ශූරයන් බවට පත්ව ඇති අතර තවත් අවස්ථා 2 කදී (1993 සහ 2004) අනු ශූරයන් බවට පත්ව ඇත. එහිදී වැඩිම වාර සංඛ්‍යාවක් ශූරයන් බවට පත්වූ රටවල් ලෙස පාකිස්තානය, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව හැඳින්විය හැකි අතර ඔවුන් අවස්ථා 5 කදී බැගින් මෙම තරගාවලියේ ශූරයන් බවට පත්ව ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.