Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හර්බජාන් තරගබිමෙන් සමුගනී
ක්‍රිකට්

හර්බජාන් තරගබිමෙන් සමුගනී

editorial - 2021 දෙසැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තමා කි‍්‍රකට් කී‍්‍රඩාවේ සියලූම තරගකාරී ආකෘතීන්ගෙන් සමුගැනීමට තීරණය කළ බව ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායම නියෝජනය කළ පිට දඟ පන්දු යවන කී‍්‍රඩක හර්බජාන් සිං නිවේදනය කරයි. සමාජ මධ්‍ය ඔස්සේ තම තීරණය ප‍්‍රකාශ කරන හර්බජාන්, 2001 වසරේ පැවැති බෝඩර්-ගවස්කාර් කුසලාන ටෙස්ට් තරගාවලියේ තරග 3 කදී කඩුලූ 32 ක් දවාගත්තේය.

හර්බජාන්, 2007 වසරේදී විස්සයි-20 ලෝක කුසලාන දිනාගත් ඉන්දීය කණ්ඩායමට මෙන්ම සහ 2011 වසරේදී එක්දින ලෝක කුසලාන දිනාගත් ඉන්දීය කණ්ඩායමද නියෝජනය කළ කී‍්‍රඩකයන් අතලොස්සට එක්වූ කී‍්‍රඩකයෙකි.

සමාරම්භක විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී කඩුලූ 7 ක් දවාගත් ඔහු, 2011 ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දීය දඟ පන්දු බල ඇණියට නායකත්වය දුන්නේය.

2016 වසරේ මාර්තු මාසයේදී එක්තස් අරාබි එමීර් කණ්ඩායමට එරෙහිව කී‍්‍රඩා කළ විස්සයි-20 තරගය හර්බජාන්ගේ අවසන් ජාත්‍යන්තර තරගය විය. අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගන්නා විට ටෙස්ට් තරග 103 කදී කඩුලූ 417 ක් බිඳහෙළා සිටි ඔහු ඉන්දියාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලූ සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නන් අතර සිවුවැනි ස්ථානයේ පසුවිය.

මේ වන විට 41 වැනි වියේ පසුවන හර්බජාන් එක්දින ජාත්‍යන්තර තරග 236 කදී කඩුලූ 269 ක්ද, විස්සයි-20 ජාත්‍යන්තර තරග 28 කදී කඩුලූ 25 ක්ද බිඳහෙළා ඇති අතර මුම්බායි ඉන්දියන්ස්, චෙන්නායි සුපර් කිංග්ස් සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම් නියෝජනය කරමින් අයි.පී.එල්. තරග 163 කදී දවාගෙන ඇති කඩුලූ සංඛ්‍යාව 150 කි.

- 036

 


අදහස් (0)

හර්බජාන් තරගබිමෙන් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.