Last Update  :  2025-11-10 07:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හදිසි තත්ත්වය ප්‍රේක්ෂකයන්ට ඔලිම්පික් අහිමි කරයි

හදිසි තත්ත්වය ප්‍රේක්ෂකයන්ට ඔලිම්පික් අහිමි කරයි

editorial - 2021 ජුලි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දිනෙන් ‍දින ඉහළ යෑමත්, ටෝකියේ නුවරට පනවා ඇති හදිසි තත්ත්වයත් හේතුවෙන් ටෝකියෝ ඔලිම්පික් උළෙල ප්‍රේක්ෂකයන්ගෙන් තොරව පැවැත්වීමට තීරණය කළ බව ජපානයේ ඔලිම්පික් අමාත්‍ය ටමායෝ මරුකාවා මහත්මිය අද (8 වැනිදා) මාධ්‍ය වෙත පැවසුවාය.

ඇය ඒ බව කියා සිටියේ අද පසුවරුවේ පැවැති විශේ‍ෂ සාකච්ඡාවකින් අනතුරුවය. එම සාකච්ඡාවට ජපන් රජයේ නියෝජිතයන්, ඔලිම්පික් ‍උළෙ‍ලේ සංවිධායකයන් සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බැච් මහතා ඇතුළු එම කමිටුවේ සාමාජිකයන් පිරිසක් සහභාගි වූහ.
 
වසංගතය පාලනය කිරීම සඳහා ටෝකියෝ නුවරට පනවන ලද හදිසි තත්ත්වය මේ මස 12 වැනිදා සිට අගෝස්තු මස 22 වැනිදා දක්වා පැවැත්වෙන බැවින් එය ඔලිම්පික් උළෙල පුරා ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් සඳහන් කළාය. මේ මස 23 වැනිදා ආරම්භ වීමට නියමිත ටෝකියෝ ඔලිම්පික් උළෙල, අගෝස්තු මස 8 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.  

හදිසි තත්ත්වයට අනුව ටෝකියෝ නුවර තැබෑරුම් සහ අවන්හල් රාත්‍රී 8.00 වන විට වසා දැමිය යුතු වන අතර විවෘතව තිබෙන කාල සීමාව තුළ මත්පැන් අ‍ළවි කිරීම සඳහා අවසර තිබුණද, එම ස්ථානවලදී මත්පැන් පානය කිරීම සඳහා අවසර ලබාදී නොමැත. නරගය තුළ විවිධ සංචරණ සීමා පනවා ඇති බැවින් අත්‍යවශය කටයුතු සඳහා පමණක් නිවෙස් වලින් පිටත්ව යෑම සඳහා ටෝකියෝ නුවර වැසියන්ට අවසර ලබා දී තිබේ.

ඊයේ (7 වැනිදා) දිනයේදී ජපාන‍යෙන් නව කොරො‍නා ආසාදිතයන් 2180 ක් හඳුනාගැනුණ අතර ඉන් 920 ක්ම හඳුනාගෙන ඇත්තේ ටොකියෝ නුවරින් වීමද කැපී පෙනේ. එවන් තත්ත්වයක් යටතේ ඔලිම්පික් උළෙල පැවැත්වීම කෙරෙහි සඳහා ජපන් වැසියන්ගේ දැඩි විරෝධය එල්ල වී ඇති අතර එය අවලංගු කරන ලෙස හෝ කල්දමන ලෙස ඔවුහු දිගින් දිගටම ර‍ජයෙන් ඉල්ලා සිටිති.

ජපානය තුළ කොරෝනා වයිරසට එරෙහි ප්‍රති එන්නත ලබාදීම මේ වන විට තරමක් මන්දගාමී වී ඇති අතර ජපන් රජය තවමත් එන්නතේ මාත්‍රා දෙකම ලබාදීමට සමත්ව ඇත්තේ එරට සමස්ත ජනගහනයෙන් 15% ක් සඳහා පමණි. කෙසේ වුවත් එක්සත් රාජධානිය අතුළු රටවල් 159 ක විදේශිකයන්ට ජපානයට ඇතුළුවීම තහනම් කිරීමට ජපන් රජය මේ වන විට පියරව ගෙන ඇත.

-036

 


අදහස් (0)

හදිසි තත්ත්වය ප්‍රේක්ෂකයන්ට ඔලිම්පික් අහිමි කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.