Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සිම්බාබ්වේ පිලට ලකුණු 151 ක ජයක්

සිම්බාබ්වේ පිලට ලකුණු 151 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2018 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 17 කට පසුව තම මව් රටෙන් පිටතදී ටෙස්ට් තරගයක් ජයගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම අද (6 වැනිදා) සමත්විය. සත්කාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ශිලාත්හිදි පැවැති පළමු ටෙස්ට් තරගය ලකුණු 151 කින් ජයගත් සිම්බාබ්වේ කණ්ඩායම තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 321 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට සියලුදෙනා දැවී සිය දෙවැනි ඉනිමට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 169 ක් පමණි.

පළමු කඩුල්ල සඳහා ලකුණු 56 ක සම්බන්ධතාවයක් පවත්වමින් සාර්ථක ආරම්භයක් ලබාදීමට ලිටන් දාස් සහ ඉම්රුල් කයිස් සමත්වූහ. බංග්ලාදේශ දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියාවූ ඉම්රුල් කයිස් පන්දු 103 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 43 ක් රැස්කිරීමට සමත්විය.

සිම්බාබ්වේ කණ්ඩායමේ දඟ පන්දු යවන්නන්ගේ පන්දු යැවීම හමුවේ අසරණවූ බංග්ලාදේශ මැද පෙළ සහ පසුපෙළ පිතිකරුවන්ට සාර්ථක වීමට අවස්ථාවක් හිමි නොවූ අතර අරිෆුල් හක් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 37 කදී ලකුණු 38 ක් රැස්කිරීමට සමත්විය. හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් අරිෆුල් හක්ගේ ඉනිමට ඇතුළත් විය.

දඟ පන්දු යවන්නන්වූ බ්‍රෙන්ඩන් මවුටා කඩුලු 4, සීකන්දර් රාසා කඩුලු 3 ක් සහ වෙලින්ටන් මසකඞ්සා කඩුලු 2 ක් දවාගනිමින් දැවී ගිය කඩුලු 10 න් 9 කටම හිමිකම් කියූහ. වේගපන්දු යවන ක්‍රීඩක කයිල් ජාවිස්ට කඩුල්ලක් හිමිවීය.

තරගයේ තෙවැනි දිනය වූ ඊයේ තරගය නතර කරනවිට දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 26 ක් රැස්කර සිටියේය.

සිම්බාබ්වේ පළමු ඉනිම - ඕවර 117.3 කදී සියලුදෙනා දැවී 282

බංග්ලාදේශ පළමු ඉනිම - ඕවර 51 කදී සියලුදෙනා දැවී 143

සිම්බාබ්වේ දෙවැනි ඉනිම - ඕවර 65.4 කදී සියලුදෙනා දැවී 181

බංග්ලාදේශ දෙවැනි ඉනිම - ඕවර 63.1 කදී සියලුදෙනා දැවී 169
(ලිටන් දාස් 23, ඉම්රුල් කයිස් 43, අරිෆුල් හක් 38, බ්‍රෙන්ඩන් මවුටා 21/4, සීකන්දර් රාසා 41/3, වෙලින්ටන් මසකඞ්සා 33/2)


අදහස් (0)

සිම්බාබ්වේ පිලට ලකුණු 151 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.