Last Update  :  2025-11-15 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සී.එච්. ක්‍රීඩකයෝ පොලිසිය පරදවති
අන්තර් සමාජ පළමුපෙළ

සී.එච්. ක්‍රීඩකයෝ පොලිසිය පරදවති

editorial - 2025 නොවැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බී ලීගය (2025-26) ආරම්භ කරමින් සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ පොලිසිය අතර අද (14 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 29-05 ක පහසු ජයක් වාර්තා කිරීමට සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් විය.

කොළඹ තුරඟ තරග පිටියේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත් වන විට සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩකයෝ ලකුණු 22-00 ක් ලෙස ඉදිරියෙන් සිටියහ. එහිදී ඔවුහු ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබාගත්හ.

දෙවැනි අර්ධයේදී ගෝල දිනුමක් මගින් සිය ලකුණු මල්ලට තවත් ලකුණු 7 ක් එක්කර ගැනීමට සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම සමත් වෙද්දී, පොලිස් කණ්ඩායමට උත්සාහක දිනුමක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 5 ක් පමණි.

සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම වෙනුවෙන් සමිත වර්ණකුලසූරිය උත්සාහක දිනුම් දෙකක්ද, කොලී තමනකලු සහ ඔෂාන් ගුණරත්න එක් උත්සාහක දිනුම බැගින්ද ලබාගත් අතර ඉන් උත්සාහක දිනුම් දෙකක ප්‍රවර්ථනයන් සහ එක් දඬුවම් පහරක් සාර්ථක කරගැනීමට ජනිත් චන්දිමාල් සමත් විය. කවිඳු යසස් තවත් ප්‍රවර්ථනයක් සාර්ථක කර ගත්තේය. පොලිසිය වෙනුවෙන් වාර්තා වූ එකම උත්සාහක දිනුමට හිමිකම් කියනු ලැබුවේ විහඟ ශවීන් විසිනි.

මෙම තරගයේදී සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායමේ රැන්ඩි සිල්වා සහ පොලිස් කණ්ඩායමේ අෂාන් ඩාර්ලින් විනිසුරුවන්ගේ දැඩි අවවාද සමග කහ කාඩ්පත් ලබා විනාඩි 10 බැගින් පිටියෙන් ඉවත්ව සිටියහ. 

 

ඡායාරූප - ශ්‍රී ලංකා රග්බි සංගමය අනුග්‍රහයෙනි 


අදහස් (0)

සී.එච්. ක්‍රීඩකයෝ පොලිසිය පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.