Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක සචිත‍්‍ර සේනානායක සිවුවැනි එක්දින තරගයේදී යවන ලද පන්දු කිහිපයක් සැක සහිත බව විනිසුරුවන් දන්වා ඇතැයි අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම්දී තිබේ. ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර සිවුවැනි එක්දින තරග පසුගිය 31 වැනිදා ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී පැවැති අතර මෙම තරගයේදී ශී‍්‍ර ලංකා පිලට ලකුණු 7 ක ජයක් හිමිවිය.
එල්ලවී තිබෙන චෝදනාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ප‍්‍රකාශ කරන්නේ මෙම පැමිණිලි කිරීමට පෙර, පසුගිය වසර දෙකක කාලය තුළදී, අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව විසින් සංවිධානය කරන ලද තරගාවලි කිහිපයකට මෙන්ම ද්විපාර්ශ්වික තරගාවලි කිහිපයකටද සචිත‍්‍ර සේනානායක සහභාගි වූ බවත් සැකයක සේයාවක් වත් නොමැතිව, එංගලන්තයට එරෙහිව මෙම තරගාවලියේ තරග හතරකට සහභාගි වූ බවත්ය. එම තත්ත්වයන් යටතේ මෙම චෝදනාව නිසා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විශ්මයට පත්වන බවත් එම නිවේදනයේ සඳහන් වේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිවේදනයේ වැඩිදුරටත් සටහන් වන්නේ මෙවැනි අවස්ථාවකදී අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව ක‍්‍රියාත්මක කරන ක‍්‍රියාපටිපාටියට අනුව කටයුතු කිරීමට තමන් බැඳී සිටින බවයි. කෙසේ වෙතත් ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර අද (3 වැනිදා) පැවැත්වෙන එක්දින තරගයට කී‍්‍රඩා කිරීමට තෝරා ගැනීම සඳහා සචිත‍්‍ර සේනානායකට කිසිදු බාධාවක් නැත.
”මේ පිළිබඳව අවධානය යොමු කරන්න අද තරගය අවසන් වී ඔහු (සචිත‍්‍ර) පැමිණිය යුතුයි. ඉන් පසුව අයි.සී.සී. උපදෙස් අනුව අපි ඔහුව පරීක්‍ෂණවලට යොමු කළ යුතුයි’’ යැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලධාරියෙක් පැවසීය.
තවමත් 29 හැවිරිදි සචිත‍්‍ර මේ වන විට ටෙස්ට් තරගයකට, එක්දින තරග 33 කට සහ විස්සයි20 අන්තර්ජාතික තරග 17 කට සහභාගි වී තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.