Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සෙරීනාට ප්‍රංශ විවෘත තරගාවලියේ දොර වැසෙයි

සෙරීනාට ප්‍රංශ විවෘත තරගාවලියේ දොර වැසෙයි

රොෂාන් ගුණරත්න - 2018 මැයි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිය දරු ප්‍රසූතියෙන් මාස 8කට පසුව නැවත ග්‍රෑන්ඞ් ස්ලෑම් තරගබිමට පිවිසීමට සූදානම් වූ ඇමෙරිකානු සුපිරි ටෙනිස් ක්‍රීඩක සෙරීනා විලියම්ස්ට තිබු සිහිනය එහෙම පිටින්ම බොඳ කර දමමින් 2018 ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියේ දොර ඇයට වසා දැමීමට සංවිධායකයෝ පියවර ගත්හ. 

ග්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් ශූරතා 23ක් අතතැව සිටින මේ විශිෂ්ට ක්‍රීඩිකාවට ප්‍රංශ තරග බිමේ දොරටුව වැසී ගියේ ඇය අන්තර්ජාතික ටෙනිස් සංගමයේ ශ්‍රේණිගත කිරීම්වලට ඇතුළත් නොවන බව කියමින් තරග සංවිධායකයන් විසින් ඇගේ සහභාගීත්වය අහිමිකරනු ලැබිම නිසාය.

ට පෙර ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතා තුනක්ම දිනා සිටින සෙරීනා මෙවර  තරගාවලියේදී සිවුවැනි කුසලානය ඩැහැගැනීමට සූදානමින් සිටියාය. 

මේ වසරේදිත් තරග සංවිධායකයන් අන්තර්ජාතික ටෙනිස් සංගමයේ ශ්‍රේණිගත කිරීම් පදනම් කරමින් තරගාවලියට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පෙළ ගැස්විමට තීරණය කර ඇත. ශ්‍රේණිගත කිරිම්වල නොසිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරගාවලියකට සහභාගිවීමේ අවස්ථාව පිරිනැමීම තරග සංවිධායකයන්ගේ අයිතිවාසිකමකි. 

ඇය දරු ප්‍රසුතිය නිසා ටෙනිස් තරගබිමෙන් ඈත්වූවද අන්තර්ජාතික ටෙනිස් ශ්‍රේණිගත කිරිම්වල පෙරමුණේ පසුවූවාය. එහෙත් ක්‍රම ක්‍රමයෙන් පහළට ඇදී ගිය සෙරීනාට වත්මන් ශ්‍රේණිගත කිරිම් අනුව හිමිවී ඇත්තේ 453 වැනි තැනයි. 

සෙරීනාට මේ තත්ත්වයට මුහුණ දීමට සිදුවූයේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී සිය දරු ප්‍රසූතිය සිදු කිරීමෙන් පසුව ප්‍රධාන පෙලේ තරගාවලියක ශූරතාවක් අත්කර නොගත් බැවිනි. එය තරග සංවිධායකයන්ගේ වරප්‍රසාදයකින් තොරව ඇයට ග්‍රෑන්ඞ් ස්ලෑම් තරගාවලියකට සහභාගිවිමේ අවස්ථාව නොලැබෙන කාරණාවකි. 

කෙසේ වෙතත් සෙරීනාගේ ප්‍රතිවාදී ක්‍රීඩිකාවන් රැසක් ඇය වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කරන්නට ඉදිරිපත්වීම එක් අතකින් බොහෝ දෙනකුගේ දෑස් විමතියෙන් විසල් කරන කාරණාවකි. අනික් අතට ටෙනිස් පිටියේ ප්‍රතිවාදිනියන් වූවත් ක්‍රීඩිකාවන්ගේ එකමුතුභාවයට එය කදිම නිදසුනකි. 

“මේ නීතිය වෙනස් වෙනවා දකින්න මං කැමතියි.” සෙරීනා වෙනුවෙන් සහය පළකරන ඇගේ ප්‍රබලතම ප්‍රතිවාදිනිය වන රුසියාවේ මරියා ෂරපෝවා කීවාය.

“ටෙනිස් කියන්නේ එහෙම පිටින්ම ආත්මාර්ථකාමී ක්‍රීඩාවක්. ඒත් තමන්ගේ ජිවිතයට දරු සම්පතක් ලැබිම වගේ සංවේදි මානුෂික සිදුවීමක් නිසා මේ අවස්ථාව ඇයට අහිමිවීම වේදනාවට හේතුවක්” යයි ෂරපෝවා කියන්නීය.

සෙරීනා වෙනුවෙන් සහාය පළ කරන වත්මන් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුව සිමෝනා හැලෙප් මෙසේ සඳහන් කළාය.

“දරු ප්‍රසූතිය කියන්නේ සාමාන්‍ය සිදුවිමක්. එය ක්‍රීඩාවෙන් ඔබ්බට ගිය එකක්” යයි සිමෝනා කීවාය. 

- 077

 


අදහස් (0)

සෙරීනාට ප්‍රංශ විවෘත තරගාවලියේ දොර වැසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.