Last Update  :  2025-06-30 13:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සුමින්ද ලක්ෂාන්ගෙන් කඩුලු ත්‍රිත්වයක්
අන්තර් සමාජ ක්‍රිකට්

සුමින්ද ලක්ෂාන්ගෙන් කඩුලු ත්‍රිත්වයක්

editorial - 2022 ජුලි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

අන්තර් ක්‍රීඩා සමාජ එක්දින තරගාවලියේ අද (3 වැනිදා) පැවැති තරගයකදී හලාවත මේරියන්ස් පිලට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට යුද හමුදා පිලේ සුමින්ද ලක්ෂාන් සමත්විය. එහිදී යුද හමුදා පිලට ලකුණු 98 ක විශිෂ්ට ජයක්ද හිමි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 262 ක ඉලක්කයක් හඹාගිය හලාවත මේරියන්ස් පිලට ඕවර 41.4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 163 ක් පමණි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ සුමින්ද ලක්ෂාන් ඕවර 7.4 කදී ලකුණු 23 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත්විය. හලාවත මේරියන්ස් පිලේ අවසන් කඩුලු 3 වූ ධම්මික ප්‍රසාද්, කසුන් වීරංග සහ ශෂීන් සිල්වා පිට පිට පන්දු තුනකදී දවාගනිමින් කඩුලු ත්‍රිත්වයකට හිමි කීහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් යුද හමුදා පිල ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 261 ක් ලබා ගැනීමට සමත්විය.

එහිදී යුද හමුදා පිලේ නායක තිසර පෙරේරා පන්දු 58 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 70 ක් ලබාගත්තේය. ලක්ෂාන් එදිරිසිංහ පන්දු 71 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 50 ක් ද, අසේල ගුණරත්න ලකුණු 41 ක්, සුමින්ද ලක්ෂාන් ලකුණු 39 ක් සහ ලක්ෂාන් ගමගේ ලකුණු 29 ක් ලබාගනිමින් යුද හමුදා පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ.

ධම්මික ප්‍රසාද් කඩුලු 4 ක් ද, පුලින තරංග කඩුලු 3 ක් සහ ගෞරව් ජාදර් කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

තවත් තරග 11 ක් අද පැවැති අතර එහිදී ජයග්‍රහණ වාර්තා කිරීමට පොලීසිය, ලන්කන්, ඒස් කැපිටල්, සෙබස්තිනයිට්ස්, මූවර්ස්, ගාල්ල, සී.සී.සී, නුගේගොඩ, ගුවන් හමුදාව, පානදුර සහ එස්.එස්.සී යන කණ්ඩායම් සමත්විය.

අද පැවැති තරග වලදී කිසිදු කණ්ඩායමකින් ශතකයක් වාර්තා නොවූ අතර සී.සී.සී පිලේ අෂාන් ප්‍රියංජන් කඩුලු 6 ක් ද, පොලිස් පිලේ නලින් ප්‍රියදර්ශන සහ ලන්කන් පිලේ තුෂිර මදනායක කඩුලු 5 බැගින් බිඳ දැමීමට සමත්වූහ.


යුදහමුදා පිලට ලකුණු 98 ක ජයක්
හලාවත මේරියන්ස් සහ යුදහමුදා කණ්ඩායම් අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
යුදහමුදාව - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 261
(සුමින්ද ලක්ෂාන් 39, ලක්ෂාන් එදිරිසිංහ 50, අසේල ගුණරත්න 41, තිසර පෙරේරා 70, ලක්ෂාන් ගමගේ 29, ධම්මික ප්‍රසාද් 58/4, පුලින තරංග 45/3, ගෞරව් ජාදර් 39/2)
හලාවත මේරියන්ස් - ඕවර 41.4 කදී සියලුදෙනා දැවී 163
(කවිඳු ඉරෝෂ් 23, ගෞරව් ජාදර් 22, අනුජ් ජෝතිං 38, රවීන් යසස් 28, සුමින්ද ලක්ෂාන් 23/4, අසංක මනෝජ් 31/3)


පොලිස් පිලට කඩුලු 4 ක ජයක්
බදුරලිය සහ පොලිස් කණ්ඩායම් අතර පොලිස් ක්‍රීඩාංගණයේදී

බදුරලිය - ඕවර 42.1 කදී සියලුදෙනා දැවී 155
(රනේෂ් සිල්වා 48, සහීඩ් මන්සූර් 20, ගිහාන් රූපසිංහ 34, නලින් ප්‍රියදර්ශන 36/5, ළහිරු දියන්ත 36/2, නුවන් ප්‍රදීප් 36/2)
පොලීසිය - ඕවර 38 කදී කඩුලු 6 ක් දැවී 158
(චාමර සිල්වා 28, නදීර බාලසූරිය නොදැවී 59, චතුරංග ද සිල්වා 25/3, රුචිර කෝෂිත 50/2)


ලන්කන් පිලට කඩුලු 3 ක ජයක්
සැරසන්ස් සහ ලන්කන් කණ්ඩායම් අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී
සැරසන්ස් - ඕවර 50 කදී සියලුදෙනා දැවී 208
(ෆසාල් සුබාන් 33, තවීෂ අභිෂේක් 29, මොහොමඩ් වකාස් 41, ප්‍රවීන් සඳමාල් 23, තුෂිර මදනායක 52/5, පූර්ණ වන්නිතිලක 25/2)
ලන්කන් - ඕවර 43.3 කදී කඩුලු 7 ක් දැවී 209
(රවිඳු රත්නායක 27, කසුන් අබේරත්න 41, දේවින්ද් පද්මනාදන් 49, යෙසිත් රූපසිංහ නොදැවී 39, කවික දිල්ෂාන් 27/2, සඳුන් මෙන්ඩිස් 40/2, ගිහාන් ඊබට් 42/2)


ඒස් කැපිටල් පිලට කඩුලු 4 ක ජයක්
කෝල්ට්ස් සහ ඒස් කැපිටල් කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
කෝල්ට්ස් - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 242
(අවිශ්ක පෙරේරා 24, හෂාන් දුමිඳු 27, ධනංජය ලක්ෂාන් 35, විශාද් රන්දික 88, මුදිත ලක්ෂාන් 21, චානක දේවින්ද 49/3, සිතුම් දිසානායක 49/2)
ඒස් කැපිටල් - ඕවර 44.3 කදී කඩුලු 6 ක් දැවී 243
(ලසිත් කෘස්පුල්ලේ 41, තනුක දාබරේ 68, ශෙහාන් ප්‍රනාන්දු 26, දුලීක තිස්සකුට්ටිගේ 61, අකිල ධනංජය 31/4)


සෙබස්තිනයිට්ස් පිලට ලකුණු 121 ක ජයක්
කළුතර නාගරික සහ සෙබස්තිනයිට්ස් කණ්ඩායම් අතර පානදුර ක්‍රීඩාංගණයේදී
සෙබස්තිනයිට්ස් - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 209
(සාචා ද අල්විස් 33, තෙවිඳු සේනාරත්න 24, මනෙල්ක ද සිල්වා 27, ළහිරු ප්‍රනාන්දු 22, විමුද් සප්නක 20, තරිඳු රත්නායක නොදැවී 51, ජනිඳු ඉඳුවර 36/4, කනිෂ්ක මදුවන්ත 22/3, දිනේෂ් ඉන්දික 25/2)
කළුතර නාගරික - ඕවර 29.2 කදී සියලුදෙනා දැවී 88
(විශාර ප්‍රනාන්දු 33, ශශ්‍රීක පුස්සේගොල්ල 14/3, ලොහාන් ද සොයිසා 15/2, අමිත කෞෂල්‍ය 20/2, තරිඳු රත්නායක 20/2)


මූවර්ස් පිලට ලකුණු 58 ක ජයක්
එන්.සී.සී සහ මූවර්ස් කණ්ඩායම් අතර මූවර්ස් ක්‍රීඩාංගණයේදී
මූවර්ස් - ඕවර 40.3 කදී සියලුදෙනා දැවී 179
(සොහාන් ද ලිවේරා 26, පසිඳු සූරියබණ්ඩාර 29, මොහොමඩ් ශමාස් 61, අසෙල් සිගේරා 38/3, යුගීෂ දිල්ෂාන් 31/2, වෙනුර ජයකොඩි 34/2, අෂීන් ඩැනියෙල් 35/2)
එන්.සී.සී - ඕවර 31 කදී සියලුදෙනා දැවී 121
(කවින් බණ්ඩාර 27, අම්ෂි ද සිල්වා නොදැවී 21, චානුක දිල්ෂාන් 27/3, දිනුක දිල්ෂාන් 22/2, මිලාන් රත්නායක 26/2)


ගාල්ල පිලට ලකුණු 9 ක ජයක් (ඩක්වත් ලුවිස් න්‍යායටට අනුව)
බී.ආර්.සී සහ ගාල්ල කණ්ඩායම් අතර දොඹගොඩ ක්‍රීඩාංගණයේදී
බී.ආර්.සී - ඕවර 37.3 කදී සියලුදෙනා දැවී 164
(ලියෝ ෆ්‍රැන්සිස්කෝ 24, ළහිරු සමරකෝන් 35, දුෂාන් හේමන්ත 20, රවිෂ්ක විජේසිරි 35/4, චතුර ලක්ෂාන් 18/3)
ගාල්ල - ඕවර 33 කදී කඩුලු 6 ක් දැවී 133
(තෙවින් අමරසිංහ 44, සමීන් කඳනආරච්චි 56, දුවිඳු තිලකරත්න 30/4)


සී.සී.සී පිලට කඩුලු 2 ක ජයක්
නාවික හමුදාව සහ සී.සී.සී කණ්ඩායම් අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී
නාවික හමුදාව - ඕවර 34 කදී සියලුදෙනා දැවී 148
(සචිත්‍ර සේනානායක 70, මාලිංග මලිගස්පේ 26, අෂාන් ප්‍රියංජන් 30/6)
සී.සී.සී - ඕවර 30.5 කදී කඩුලු 8 ක් දැවී 149
(අෂාන් ප්‍රියංජන් 28, ලසිත් අබේරත්න 27, පවන් රත්නායක 24, ඩිලංක අවඩ් 34/3, සචිත්‍ර සේනානායක 27/2, සුදාර දක්ෂින 48/2)


නුගේගොඩ පිලට ලකුණු 35 ක ජයක්
මීගමුව සහ නුගේගොඩ කණ්ඩායම් අතර කටුනායකදී
නුගේගොඩ - ඕවර 48.2 කදී සියලුදෙනා දැවී 209
(භාග්‍ය දිසානායක 43, නවීන් ප්‍රනාන්දු 28, රනිත ලියනාරච්චි 64, නයන ප්‍රනාන්දු 20, පසිඳු උස්හෙට්ටිගේ 39/3, අවීෂ කේෂාන් 38/3, ශෙහාන් ප්‍රනාන්දු 39/2)
මීගමුව - ඕවර 45 කදී සියලුදෙනා දැවී 174
(ඩිල්ෂාන් මුණවීර 35, අමෝද විදාණපතිරන 41, සඳරුවන් චින්තක 31, රනිත ලියනාරච්චි 14/3, අරවින්ද ප්‍රේමරත්න 26/2, නවීන් ප්‍රනාන්දු 27/2, හංස ද සිල්වා 29/2)


ගුවන් හමුදා පිලට කඩුලු 7 ක ජයක්
කුරුණෑගල යොවුන් සහ ගුවන් හමුදා කණ්ඩායම් අතර කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී
කුරුණෑගල යොවුන් - ඕවර 33 කදී සියලුදෙනා දැවී 71
(දිල්ෂාන් කොල්ලුරේ 22, දුලාංජන මෙන්ඩිස් 02/4, මොවින් සුබසිංහ 11/2, ගයාන් සිරිසෝම 25/2)
ගුවන් හමුදාව - ඕවර 14.4 කදී කඩුලු 3 ක් දැවී 74
(කළණ විජේසිරි 37, යොහාන් මැද්දගේ 07/2)


පානදුර පිලට කඩුල්ලක් තියුණු ජයක්
රාගම සහ පානදුර කණ්ඩායම් අතර තර්ස්ටන් ක්‍රීඩාංගණයේදී
රාගම - ඕවර 49.4 කදී සියලුදෙනා දැවී 250
(නිෂාන් මදුෂ්ක 73, සමින්ද ප්‍රනාන්දු 64, ජනිත් ලියනගේ 25, ධනුෂ්ක රණසිංහ 29/3, තරිඳු කෞෂාල් 44/3, නිමේෂ් විමුක්ති 41/2)
පානදුර - ඕවර 49.3 කදී කඩුලු 9 ක් දැවී 251
(රිෂික දෙවටගේ 37, ලක්ෂාන් රොද්‍රිගූ 49, අලී මෙහෙරා 30, සංජය චතුරංග 30, තරිඳු කෞෂාල් නොදැවී 59, කොෂාන් ධනුෂ්ක 28, ඩෙලන් පිරීස් 45/3, කල්හාර සේනාරත්න 28/2, ජනිත් ලියනගේ 63/2)


එස්.එස්.සී පිලට ලකුණු 121 ක ජයක්
ද්‍රවිඩ සංගමය සහ එස්.එස්.සී කණ්ඩායම් අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී
එස්.එස්.සී - ඕවර 50 කදී සියලුදෙනා දැවී 267
(නිපුන් ධනංජය 89, ක්‍රිෂාන් සංජුල 26, කවිඳු නදීෂාන් 62, දසුන් ශානක 30, දිලුම් සුධීර 39/3, ප්‍රමෝද් මදුශාන් 51/2)
ද්‍රවිඩ සංගමය - ඕවර 29.5 කදී සියලුදෙනා දැවී 146
(නවෝද් පරණවිතාන 24, සංතුෂ් ගුණතිලක 21, රවිඳු ප්‍රනාන්දු 43, ලක්ෂිත මනසිංහ 16/4, කවිඳු නදීෂාන් 30/3, සම්මු අෂාන් 25/2)

 


අදහස් (0)

සුමින්ද ලක්ෂාන්ගෙන් කඩුලු ත්‍රිත්වයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.