Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ෂෝන් මාෂ්ගේ ශතකය අපතේ යයි

ෂෝන් මාෂ්ගේ ශතකය අපතේ යයි

Nisanka Sandeepani - 2018 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව කාඩිෆ්හි සොෆියා උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 38 ක ජයක් අත්කර ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම ඊයේ (16 වැනිදා) සමත් විය. ඒ අනුව දෙරය අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද එංගලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 343 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු  කණ්ඩායමට ලයෑම් ප්ලන්කට් ප්‍රමුඛ එංගලන්ත පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 47.1 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 304 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ප්ලන්කට් ලකුණු 53 කට කඩුලු 4 ක් දවාගත් අතර ආදිල් රෂීඞ් කඩුලු 3 ක්ද, මුයින් අලී කඩුලු 2 ක්ද බැගින් බිඳහෙළමින් ඕස්ට්‍රේලියානු  කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ප්ලන්කට්ට අනගි සහායක් දුන්හ. 

සෙසු මුල් පෙළ පිතිකරුවන් ආසාර්ථක වෙද්දී එක් අන්තයක් රැගෙන පන්දුවට පහරදුන් ෂෝන් මාෂ් පන්දු 116 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 10 ක් සමග ලකුණු 131 ක් රැස්කළේය. එහෙත් ඕස්ට්‍රේලියානු  කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට ඔහු අපොහොසත් වූ අතර ලයෑම් ප්ලන්කට්ගේ පන්දුවක් කඩුල්ලේ දැවටීම හේතුවෙන් ඉනිමේ 8 වැනි කඩුල්ල ලෙස ඔහු දැවී ගියේය. 

ග්ලේන් මැක්ස්වෙල් (31) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 57 කදී ලකුණු 54 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මාෂ්, ඉන් නොනැවතී ඇස්ටන් ඒගර් (46) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 72 කදී ලකුණු 94 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය. පන්දු 34 කදී වාර්තා වූ මැක්ස්වෙල්ගේ ඉනිම හතරේ පහර 4 කින්ද, පන්දු 42 කදී වාරත් වූ ඒගර්ගේ ඉනිම හතරේ පහර 7 කින්ද සමන්විත විය. 
පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ඕවර 50 ක් අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 342 රැස්කිරීමට සමත් වූ අතර එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ ආරාම්භක පිතිකරු ජේසන් රෝයි පන්දු 108 කදී ලකුණු 120 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 12 ක් සමගිනි. 

ජොනී බෙයාස්ට්‍රෝ (42) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 50 කදී ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩනැගූ රෝයි, දෙවැනි කඩුල්ල සඳහා ඇලෙක්ස් හේල්ස් (26) සමග එක්ව ලකුණු 50 ක්ද, තෙවැනි කඩුල්ල සඳහා නායක ජෝ රූට් (22) සමග එක්ව ලකුණු 66 ක්ද එක් කළේය. පන්දු 24 කට මුහුණදුන් බෙයාස්ට්‍රෝ හයේ පහරකින් සහ හතරේ පහර 8 කින් සිය ඉනිම සැරසීය. 

ඉනිමේ අවසන් භාගයේදී වේගවත් පිතිහරඹකය නිරත වූ ජොස් බට්ලර් පන්දු 70 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 91 ක් රැස්කරමින් එංගලන්ත කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය. ජේසන් රෝයිගේ දැවී යෑමෙන් අනතුරුව සෑම් බිලින්ස් (11) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 50 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද බට්ලර් සමත් විය. 

ඕස්ට්‍රේලියානු  පන්දු යවන්නන් සියලු දෙනාම පාහේ එංගලන්ත පිකිරුවන්ගෙන් දැඩි ලෙස පහර කෑමට ලක් වූ අතර එහිදී කේන් රිචඞ්සන්, ජේ රිචඞ්සන් සහ ඇන්ඩෘ ටේ කඩුලු 2 ක් බැගින් බිඳහෙළීමට සමත් වූහ.  

එංගලන්තය - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 342 
(ජේසන් රෝයි 120, ජොනී බෙයාස්ට්‍රෝ 42, ඇලෙක්ස් හේල්ස් 26, ජෝ රූට් 22, ජොස් බට්ලර් නොදැවී 91, කේන් රිචඞ්සන් 56/2, ජේ රිචඞ්සන් 64/2, ඇන්ඩෘ ටේ 81/2) 


ඕස්ට්‍රේලියාව - ඕවර 47.1 කදී සියලු දෙනා දැවී 304 
(ඩි’ආසි ෂෝට් 21, ෂෝන් මාෂ් 131, ග්ලේන් මැක්ස්වෙල් 31, ඇස්ටන් ඒගර් 46, ලයෑම් ප්ලන්කට් 53/4, ආදිල් රෂීඞ් 70/3, මුයින් අලී 47/2) 

-036


අදහස් (0)

ෂෝන් මාෂ්ගේ ශතකය අපතේ යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.