Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර තරග තුනකින් සමන්විත නිල නොවන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි තරගයේ දෙවැනි දිනය වන අද (19) පස්වරුවේ වර්ෂාව හේතුවෙන් ක‍්‍රීඩාව නතර කරන විට ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල පළමු ඉනිම වෙනුවෙන් ඕවර 34 කඩුලූ 6 ක් දැවී ලකුණු 137 ක් රැස්කර සිටියේය.
දිනය අවසන් වන විට කිත්රුවන් විතානගේ (නොදැවී 37) සහ තරිදු කෞෂාල් (නොදැවී 0) පන්දුවට පහර දෙමින් සිටියහ.
පස්වරු 4.55 ට පමණ අධික වර්ෂාවක් ක‍්‍රීඩාංගණයට පතිත වූ අතර ඒ හේතුවෙන් දෙවැනි දිනයේ ක‍්‍රීඩාව අවසන් කිරීමට සිදුවිය.
කිත්රුවන් විතානගේ අවසන් ඕවර කීපයේදී වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කළ අතර ඔහු දිනය අවසන් වන විට පන්දු 39 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 36 ක් රැස්කර තිබුණි.
ටෙස්ට් පිලේ කඩුලූ රකින ක‍්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ලකුණක් ලබා දැවී යෑමෙන් ලකුණු 121 කට කඩුලූ 6 ක් බවට පත්ව ඉනිම කඩා වැටුණි.
අෂාන් ප‍්‍රියංජන්, කොදෙව් වේග පන්දු යවන්නන්ට කිසිදු චකිතයකින් තොරව පහර දෙමින් පන්දු 51 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 40 ක් රැස්කළේය. අෂාන් අනවශ්‍ය ලෙස ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කිරීමට නොගියේ නම් පසුවෙන් ශතකයක් කරා යෑමේ අවස්ථාව තිබුණි.
අෂාන් සහ කිත්රුවන් පස්වැනි කඩුල්ලට ලකුණු 48 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූහ.
ජෙහාන් මුබාරක් (06) තේ විවේකයෙන් පසුව පළමු පන්දුවේදී පිටියෙන් ඉවත්වීමෙන් ලකුණු 72 කට කඩුලූ 4 ක් බවට පත්විය.
සූරියවැවදී ශතකයක් රැස්කළ දිමුත් කරුණාරත්න මෙම ඉනිමේදී වේග පන්දු යවන ශනොන් ගේබි‍්‍රයල්ගේ පන්දුවකට පසු පාදයෙන් පහරක් ගැසීමට ගොස් පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය. දිමුත් පන්දු 48 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 25 ක් කළේය.
මෙම තරගයේදී ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලේ අංක තුන පිතිකරු ස්ථානය හිමිකරගත් මාධව වර්ණපුර (07) කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය.
නායක උපුල් තරංග ලකුණු 16 ක් ලබා සිටියදී පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.
සූරියවැව තරගයට ක‍්‍රීඩා නොකළ කිත්රුවන් විතානගේ, නුවන් ප‍්‍රදීප්, මාධව වර්ණපුර, තරිදු කෞෂාල් සහ කසුන් මධුසංඛ මෙම තරගයට කැදවා සිටිති.
බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිලේ නායක කාලෝස් බ‍්‍රැත්වයිට් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට ශ‍්‍රී ලංකා පිලට ආරාධනා කළේය.
තරගයේ පළමු දිනය වූ ඊයේ (18) වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ කිරීමට නොහැකි විය.
විනිසුරුවෝ අද පෙරවරු 11.00 ට ක‍්‍රීඩාංගණය පරීක්‍ෂා කරමින් සිටියදී නැවතත් පොද වැස්සක් ඇද හැලීම නිසා තරගය ආරම්භය පසු ප‍්‍රමාද කිරීමට සිදුවූ අතර නැවතත් පස්වරු 12.30 ට ක‍්‍රීඩාංගණය පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව පස්වරු 1.30 ට දිනයේ ඕවර 59 ක් යැවීමට තරගය ආරම්භ කළේය.
හෙට (20) තරගයේ තෙවැනි දිනයයි.
ඡායාරූප - ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.