Last Update  :  2025-08-06 17:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශීකර් ධවාන් නායකත්වයට

ශීකර් ධවාන් නායකත්වයට

editorial - 2021 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ලබන මස පැවැත්වීමට නියමිත සීමිත ඕවර තරගාවලිය සඳහා 20 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ඉන්දීය තේරීම් කමිටුව විසින් නම්කර ඇත. 

එම කණ්ඩායමේ නායකත්වය ආරම්භක පිතිකරු ශීකර් ධවාන්ට හිමිවී ඇති අතර උප නායකත්වය වේගපන්දු යවන ක්‍රීඩක බුවනේෂ්වර් කුමාර් පත්කර ඇත.

2018 මාර්තු මාසයේදී පැවැති නිදහස් කුසලාන තරගාවලියෙන් පසුව ඉන්දීය කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වන්නේය.

මේ මස 28 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය කණ්ඩායම මේ මස 29 සිට ලබන මස 1 වැනිදා දක්වා දින තුනක හුදකලා නිරෝධායනයක නිරත විය යුතුය. ඉන් පසුව ජූලී 2 වැනිදා සිට ජූලී 4 වැනිදා දක්වා තවත් දින තුනක් නිරෝධායනය වෙමින් පුහුණුවීම් වල නිරතවීමට අවසර හිමිවේ.

ලබන මස 13 වැනිදා ආරම්භ වන එක්දින සහ විස්සයි20 තරගාවලිය ජුලී 25 වැනිදා අවසන් වීමට නියමිතව ඇත. ඉන්දීය කණ්ඩායම ජුලී 26 වැනිදා නැවතත් සිය රට බලා පිටත්ව යනු ඇත. 

ඉන්දීය සංචිතය

ශීකර් ධවාන් (නායක), ප්‍රිත්වි පතෙල්, දෙව්දූත් පඩික්කාල්, රුතුරාජ් ගයික්වාඩ්, සූර්යකුමාර් යාදව්, මනිෂ් පාන්ඩේ, හර්දික් පාණ්ඩ්‍යා, නිතිෂ් රානා, ඉෂාන් කිශාන්, සංජු සැම්සන්, යුස්වේන්ද්‍ර චාහල්, රාහුල් චාහර්, කේ.ගෞතම්, කෘනාල් පාණ්ඩ්‍යා, කුල්දීප් යාදව්, වරුන් චක්‍රවර්ති, බුවනේෂ්වර් කුමාර්, දීපක් චාහර්, නව්දීප් සයිනි, චේතන් සකාරියා.

තරග කාළසටහන

ජූලි 13 - පළමු එක්දින තරගය, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

ජූලි 16 - දෙවන එක්දින තරගය, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

ජූලි 18 - තෙවැනි එක්දින තරගය, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

ජූලි 21 - පළමු විස්සයි20 තරගය, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

ජූලි 23 - දෙවැනි විස්සයි20 තරගය, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

ජූලි 25 - තෙවැනි විස්සයි20 තරගය, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී


අදහස් (0)

ශීකර් ධවාන් නායකත්වයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.