හතළිස් හයවැනි වරටත් පැවැති ජෝන් ටාබට් කණිෂ්ඨ මළල ක‍්‍රීඩා ශූරතාවලියේදී බාලක අංශයේ ශූරතාවය ලකුණු 78 ක් ලබා ගත් කොළඹ ශාන්ත බෙනඩික් විද්‍යාලය විසින් දිනාගන්නා ලදි. ලකුණු 69 ක් ලබා ගත් කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලය බාලිකා සමස්ථ ශූරතාවය දිනාගත්තේය.
දින හතරක් පුරා අනුරාධපුර උතුරු මැද පළාත් ක‍්‍රීඩා සංකීර්ණයේ දී පැවති 46වන ජෝන් ටාපට් කණිෂ්ඨ මළල ක‍්‍රීඩා ශූරතාවලිය ඊයේ (18 දා) නිමාවට පත්විය.
ලකුණු 62 ක් ලබාගත් හලාවත ශාන්ත මරියා විද්‍යාලය බාලක අංශයේ අනු ශූරතාවය හිමිකරගත් අතර තෙවැනි ස්ථානය ලකුණු 56 ක් ලබා ගනිමින් කොළඹ රාජකීය විද්‍යාලය සතු විය.
බාලිකා අංශයේ අනුශූරතාව ලකුණු 39 ක් ලබා ගත් කොළඹ 07 කාන්තා විද්‍යාලය හිමිකරගත් අතර වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල ලකුණු 37 ක් ලබා ගනිමින් තෙවන ස්ථානයට පත්විය.
වසරේ දක්‍ෂතම කණිෂ්ඨ ක‍්‍රීඩකයා ලෙස පේදුරුතුඩුව හාට්ලි විද්‍යාලයේ බාලචන්ද්‍රන් ආනන්ත් සම්මාන දිනාගත්තේය. ලබාගත් අතර, වසරේ දක්‍ෂතම කණීෂ්ඨ ක‍්‍රීඩිකාව ලෙස ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ එම්. කේ ප‍්‍රසාදි ලක්ෂානි සම්මාන දිනාගත්තාය.
දක්‍ෂතම කණීෂ්ඨ ක‍්‍රීඩිකාව- එම්. කේ ප‍්‍රසාදි ලක්ෂානි
කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාල කණ්ඩායම
ඡායාරූප - අනුරාධපුර විශේෂ චතුර රංගන
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.