Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා සහ ඕස්ට්‍රේලියාව අතර පෙබරවාරි මස 11 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි-20 තරගාවලියේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ සංඛ්‍යාව සෞඛ්‍ය ආරක්ෂිත කරුණු හේතුවෙන් 3 කට සීමාකර තිබේ. මින් පෙර එම තරග 5 ක්‍රීඩාංගණ 5 කදී පැවැත්වීමට සංවිධාකයෝ කටයුතු යොදා තිබුණි.
පෙර සැලසුම් කර තිබූ ආකාරයට තරග 5 පිළිවෙලින් සිඩ්නි, බි්‍රස්බේන්, කැරේරා, ඇඩිලේඩ් සහ මෙල්බර්න් නරගවලදී පැවැත්වීමට නියමිතව තිබිණ. කෙසේ වුවත් නව තරග කාල සටහනට අනුව පළමු සහ දෙවැනි තරග සිඩ්නි නුවරද, තෙවැනි තරගය කැන්බරා නුවරද, සිවුවැනි සහ පස්වැනි තරග මෙල්බර්න් නුවරද පැවැත්වීමට නියමිතය.
“මේ වන විට කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ප්‍රාන්ත අතර ගමනාමනය තරමක් අනාරක්ෂිත තත්ත්වයකට පත්වෙලා තියෙනවා. වසංගතයට මුහුණදීමේදී ක්‍රීඩකයන්, තරග නිලධාරීන්, සහායක කාර්ය මණ්ඩල නිලධාරීන්, ක්‍රීඩා ලෝලීන් ඇතුළු සියලුම දෙනාගේ සෞඛ්‍ය ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදීමට අපි බැදී සිටිනවා.” යැයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී නික් හොක්ලි මහතා පැවසීය.
“දකුණු ඕස්ට්‍රේලියාවේ සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ක්‍රීඩා ලෝලීන් මෙම තරග මඟහැරීම ගැන කලකිරීමට පත්වෙනවා කියලා අපි දන්නවා. ඉදිරියේදී සෞඛ්‍ය ආරක්ෂිතව රට පුරා ඇති සියලුම ප්‍රාන්තවලට ජාත්‍යන්තර තරග ගෙන ඒමට අපි කටයුතු කරනවා. තරගාවලිය පවත්වාගෙන යෑමට දක්වන සහයෝගය සම්බන්ධයෙන් අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත වෙනවා.” යැයිද හොක්ලි මහතා වැඩිදුරටත් කියා සිටියේය.
නව තරග කාලසටහන
■ පළමු තරගය - පෙබරවාරි 11 වැනිදා - සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
■ දෙවැනි තරගය - පෙබරවාරි 13 වැනිදා - සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
■ තෙවැනි තරගය - පෙබරවාරි 15 වැනිදා - මනුකා ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
■ සිවුවැනි තරගය - පෙබරවාරි 18 වැනිදා - මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
■ පස්වැනි තරගය - පෙබරවාරි 20 වැනිදා - මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.