
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ ඇෆ්ඝනිස්ථාන ‘ඒ’ කණ්ඩායම අතර අබුඩාබි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය නිමාවට පත්වන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 98 ක් ලබා සිටියේය.
ඒ අනුව ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම කඩුලු 9 ක් අතැතිව ඇෆ්ඝනිස්ථාන ‘ඒ’ කණ්ඩායමට වඩා ලකුණු 336 ක් ඉදිරියෙන් සිටින අතර දෙවැනි දිනය අවසානයේ ආරම්භක පිතිකරු කමිල් මිෂාර නොදැවී ලකුණු 28 ක්ද, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී ලකුණු 66 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.
පළමු දිනය වූ ඊයේ (29 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට කඩුලු 8 ක් දැවී ලකුණු 345 ක් ලබා සිටි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 61 ක් එක්කර ගත්තේය. ඉනිම නිමාවන තෙක්ම එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් සොනාල් දිනූෂ හයේ පහර 3 ක් සහ හතරේ පහර 10 ක් සමග නොදැවී ලකුණු 104 ක් රැස්කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්ථාන ‘ඒ’ කණ්ඩායමට ඉසිත විජේසුන්දර ප්‍රමුඛ ශ්‍රී ලංකා ‘ඒ’ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 168 ක් පමණි. එහිදී ඉසිත ලකුණු 35 කට කඩුලු 6 ක් බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ශ්‍රී ලංකා ‘ඒ’ පිල - සියලු දෙනා දැවී 406
(ළහිරු උදාර 107, කමිල් මිෂාර 35, නුවනිඳු ප්‍රනාන්දු 17, සධීර සමරවික්‍රම 44, පවන් රත්නායක 19, සෙනාල් දිනූෂ නොදැවී 104, ඉසිත විජේසුන්දර 19, බෂීර් අහමඩ් 77/4, සියාවුර් රහමන් 93/2)
ඇෆ්ඝනිස්ථාන ‘ඒ’ පිල - සියලු දෙනා දැවී 168
(බහිර් ෂා 21, අෆ්සාර් සසායි 54, ශමස් උර් රහමන් 20, සියාවුර් රහමන් 22, ඉසිත විජේසුන්දර 35/6, තරිඳු රත්නායක 26/3)
ශ්‍රී ලංකා ‘ඒ’ පිල - කඩුල්ලක් දැවී 98
(කමිල් මිෂාර නොදැවී 28, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 66)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.