Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
සංචාරක ඕස්ට්‍රේලියා ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) පැවැති දෙවැනි නිලනොවන එක්දින තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත් විය. මෙම තරගයේ ප්‍රතිඵලයත් සමග කණ්ඩායම් දෙක අතර පැවැති තරග 2 කින් සමන්විත එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සමව අවසන් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 313 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ පන්දු 7 ක් ඉතිරිව තිබියදී කඩුලු 6 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් පන්දු 65 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 73 ක් රැස්කළ අෂේන් බණ්ඩාර ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
ලකුණු 205 කට කඩුලු 5 ක් බිඳවැටුණ අවස්ථාවේදී සහන් ආරච්චිගේ (31) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 85 කදී ලකුණු 85 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද බණ්ඩාර සමත් විය. පන්දු 43 ක් පුරා සිය කඩුල්ල ආරක්ෂාකරගත් සහන් එක් හතරේ පහරක් සමග ලකුණු රැස්කළේය. අටවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි දුනිත් වෙල්ලාලගේ (නොදැවී 17) හයේ පහරකින් සහ හතරේ පහරකින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් නිරෝෂන් දික්වැල්ල පන්දු 73 කින් ලකුණු 83 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 10 ක් සමගිනි. ඕෂධ ප්‍රනාන්දු ලකුණු 24 කට දැවී යෑමෙන් අනතුරුව කමිඳු මෙන්ඩිස් (40) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 103 කදී ලකුණු 116 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද දික්වැල්ල සමත් විය.
පන්දු 53 කදී වාර්තා වූ කමිඳුගේ ඉනිම හතරේ පහර 2 කින් සමන්විත වූ අතර ධනංජය ද සිල්වා පන්දු 26 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 30 ක් රැස්කළේය. ඕස්ට්‍රේලියා‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ මැතිව් කුනෙමාන් නිලකුණු ඕවරයක් සමග සිය ඕවර 10 ලකුණු 43 කට සීමා කරමින් කඩුලු 3 ක් බිඳහෙළුවේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා ‘ඒ’ කණ්ඩායම ඕවර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 312 ක් ලබාගත්තේය. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ට්‍රැවීස් හෙඩ් පන්දු 85 කින් ලකුණු 110 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 15 ක් සමගිනි. අරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 55 කදී ඔහු සහ ජොෂ් පිලිප් (34) අතර පැවැති සම්බන්ධතාව ලකුණු 83 කි.
පන්දු 25 කට මුහුණදුන් පිලිප් හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් සිය ඉනිම සැරසුවේය. නායක හැරී හන්ට් පන්දු 53 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 40 ක්ද, ආරොන් හාඩි පන්දු 50 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 58 ක්ද රැස්කරමින් ඕස්ටේ්‍රලියා ‘ඒ’ ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ දකුණතින් මඳවේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන් ලකුණු 50 කට කඩුලු 4 ක් බිඳහෙළීමට සමත් විය. නිසල තාරක ලකුණු 43 කට කඩුලු 2 ක්ද, සහන් ආරච්චිගේ ලකුණු 58 කට කඩුලු 2 ක්ද දවාගනිමින් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ඕස්ට්‍රේලියා ‘ඒ’ පිල - ඕවර 50 කදී සියලු දෙනා දැවී 312
(ජොෂ් පිලිප් 34, ට්‍රැවීස් හෙඩ් 110, මාකස් හැරිස් 31, හෙන්රි හන්ට් 40, ආරොන් හාඩි 58, ප්‍රමෝද් මධුෂාන් 50/4, නිසල තාරක 43/2, සහන් ආරච්චිගේ 58/2)
ශ්‍රී ලංකා ‘ඒ’ පිල - ඕවර 48.5 කදී කඩුලු 6 ක් දැවී 315
(නිරෝෂන් දික්වැල්ල 83, ඕෂධ ප්‍රනාන්දු 24, කමිඳු මෙන්ඩිස් 40, ධනංජය ද සිල්වා 30, අෂේන් බණ්ඩාර නොදැවී 73, සහන් ආරච්චිගේ 31, දුනිත් වෙල්ලාලගේ නොදැවී 17, මැතිව් කුනෙමාන් 43/3, ටන්වීර් සැන්හා 72/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.