Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
පාකිස්තාන ‘ඒ’ කණ්ඩායමට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (6 වැනිදා) වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලූ 2 ක් දැවී ලකුණු 102 ක් රැස්කිරීමට සමත්විය. ඒ අනුව ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම තවත් ලකුණු 225 ක් රැස්කළ යුතුව ඇත.
කමිල් මිෂාර ලකුණු 53 ක් සහ සදීර සමරවික‍්‍රම ලකුණු 19 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටින අතර තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 49 ක නොබිඳුණු සම්බන්ධතාවයක්ද ගොඩනැගීමට ඔවුන් සමත්වූහ.
ආරම්භක පිතිකරු නිශාන් මදුශංක ලකුණු 13 කට සහ නිපුන් ධනංජය ලකුණු 12 කට දවාගැනීමට පාකිස්තානු ‘ඒ’ කණ්ඩායමේ කුරාම් ශාසාඞ් සහ ආඝා සල්මාන් සමත්වූහ.
අද දින කළින්ම පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයට වර්ෂාව පතිතවීම හේතුවෙන් යැවීමට හැකිවූයේ ඕවර 33 ක් පමණි.
තෙවැනි දිනට ඊයේ තරගය නතර කරන විට පළමු ඉනිම සඳහා කඩුලූ 9 කට ලකුණු 64 ක් රැස්කරගෙන සිටි ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලට අද දිනයේදී අවසන් කඩුල්ල සඳහා එක් කිරීමට හැකිවූයේ තවත් ලකුණු 3 ක් පමණි.
නසීම් ෂා කඩුලූ 4 ක් ද, කුරාම් ශාසාඞ් කඩුලූ 3 ක් ද, අර්ෂඞ් ඉක්බාල් කඩුලූ 2 ක් සහ සාෆී අබ්දුල්ලා කඩුල්ලක් දවාගනිමින් ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලේ පිතිකරුවන් මෙල්ල කිරීමට සමත්වූහ.
හෙට (7 වැනිදා) තරගයේ සිව්වැනි සහ අවසන් දිනයයි.
පාකිස්තාන ‘ඒ’ පළමු ඉනිම - සියලූදෙනා දැවී 394
(අබ්දුල්ලා ශාෆික් 117, කම්රන් ගුලාම් 45, ආඝා සල්මාන් 103, කුරාම් ශාසාඞ් 20, නසීම් ෂා 31, චාමික ගුණසේකර 83/6, හිමේෂ් රාමනායක 56/1, මොහොමඞ් ශිරාස් 64/1, සුමින්ද ලක්ෂාන් 95/1)
ශ‍්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම - සියලූදෙනා දැවී 67
(නිපුන් ධනංජය 17, සුමින්ද ලක්ෂාන් 29, නසීම් ෂා 28/4, කුරාම් ශාසාඞ් 10/3, අර්ෂඞ් ඉක්බාල් 14/2, සාෆී අබ්දුල්ලා 11/1)
ශ‍්‍රී ලංකා ‘ඒ’ දෙවැනි ඉනිම - කඩුලූ 2 ක් දැවී 102
(කමිල් මිෂාර නොදැවී 53, සදීර සමරවික‍්‍රම නොදැවී 19)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.